Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලිබල ක්ෂේත්‍රය ගැන විවාදයක් ලබන 20 වෙනිදා

    February 16, 2026

    ජාතික ආරක්ෂාව ගැන SF කියන කතාව

    February 16, 2026

    ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ -අගමැති හරිනි

    February 16, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බංග්ලාදේශ නව රජයේ දිවුරුම් දීමේ උත්සවයට සෞඛ්‍ය ඇමති නලින්දත්
    Featured

    බංග්ලාදේශ නව රජයේ දිවුරුම් දීමේ උත්සවයට සෞඛ්‍ය ඇමති නලින්දත්

    By LFNFebruary 16, 2026No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බංග්ලාදේශ නව රජයේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගීවීමට නියමිතව තිබේ.

    එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා විසින් මේ බව බංග්ලාදේශ මාධ්‍ය වෙත තහවුරු කර ඇත.

    බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙසින් තේරී පත්වූ තාරික් රහ්මාන්ගේ දිවුරුම් දීම සහ අභිනව රජයේ දිවුරුම් දීමේ උත්සවය එළැඹෙන අඟහරුවාදා (17) ඩකාහිදී පැවැත්වීමට නියමිතව ඇත.

    මෙම අවස්ථාවට ඉන්දියාව නියෝජනය කරමින් ලෝක් සභා කථානායක ඕම් බිර්ලා, විදේශ ලේකම් වික්‍රම් මිස්රි ඇතුළු ඉන්දීය දූත පිරිසක් ඇතුළුව කලාපිය රටවල නියෝජිතයන් සහභාගිවීමට නියමිත බව සඳහන්ය.

    පසුගියාදා පැවති බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP පක්ෂය ප්‍රමුඛ සන්ධානය පාර්ලිමේන්තු ආසන 300න් 212ක් දිනාගැනීමට සමත්විය.

    ඒ අනුව එම පක්ෂයේ නායක, හිටපු අගමැතිනි කලීසා සියා පුත් තාරික් රහ්මාන් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත්විය.

    2024 වසරේ බංග්ලාදේශයේ පැවති දැවැන්ත විරෝධතා මාලාවෙන් අනතුරුව එරට පැවැත්වූ පළමු මහ මැතිවරණය මෙය විය.

    නව අග්‍රාමාත්‍යවරයකු තෝරා පත්කර ගැනීම මෙන්ම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ජනතා අනුමැතිය ලබා ගැනීමද මෙම මැතිවරණයේ ප්‍රධාන අරමුණු විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදුලිබල ක්ෂේත්‍රය ගැන විවාදයක් ලබන 20 වෙනිදා

    February 16, 2026

    ජාතික ආරක්ෂාව ගැන SF කියන කතාව

    February 16, 2026

    ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ -අගමැති හරිනි

    February 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,420 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    විදුලිබල ක්ෂේත්‍රය ගැන විවාදයක් ලබන 20 වෙනිදා

    February 16, 20260116 Views

    විදුලිබල ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයක් ලබන 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබේ. ඒ…

    ජාතික ආරක්ෂාව ගැන SF කියන කතාව

    February 16, 2026

    ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ -අගමැති හරිනි

    February 16, 2026

    ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධන ආයෝජනයන්ට බදු සහන ලබාදීමට තීරණයක්

    February 16, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.