Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලිබල ක්ෂේත්‍රය ගැන විවාදයක් ලබන 20 වෙනිදා

    February 16, 2026

    ජාතික ආරක්ෂාව ගැන SF කියන කතාව

    February 16, 2026

    ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ -අගමැති හරිනි

    February 16, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නීතීඥ සංගමයේ සියලු නීතීඥවරු අද අධිකරණ කටයුතුවලින් ඉවතට
    Featured

    නීතීඥ සංගමයේ සියලු නීතීඥවරු අද අධිකරණ කටයුතුවලින් ඉවතට

    By LFNFebruary 16, 2026No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අකුරේගොඩදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සියලු නීතීඥවරුන් අද (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවය.

    අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් ඊයේ (15) පස්වරුවේ පවත්වනු ලැබීය.

    එම සාකච්ඡාවේදී එළැඹි තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළ කරමින් සඳහන් කර සිටියේ, සංගමයේ මහ සභාව විසින් ඒකමතික තීරණ 4ක් ගනු ලැබූ බවය.

    ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගනු ලැබූ ඒකමතික තීරණ පහතින් දැක්වේ.

    1. වර්තමානයේ රටේ පවතින ඝාතන සංස්කෘතිය අවසන් කිරීමටත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් රජයට බලකිරීම.

    2. දිව ව්‍යාප්ත සියලු අධිකරණවල වෘත්තීය කටයුුතුවලින් හෙට දින සමස්ත නීතිඥවරු බැහැරව සිටීම.

    3. මෙම කූර අපරාධය සම්බන්ධයෙන් වගකිව යුතු සියලුදෙනා වහාම අත්අඩංගුවට ගෙන නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසියට සහ මහජන ආරක්ෂාව සම්බන්ධ ආයතනවලින් ඉල්ලා සිටීම.

    4. තහවුරු නොකරන ලද තොරතුරු සමාජගතකිරීම හෝ සත්‍ය බවට හුවා දැක්වීම සම්බන්ධයෙන් පොලීසියට හා අදාළ පාර්ශ්වයන්ට දැඩි අප්‍රසාදය පළ කිරීම.

    වසර 14කට පසුව රැස්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහ සභා රැස්වීමට නීතිඥයින් 3,500ක පමණ පිරිසක් සහභාගී වූ බවත් ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ඇතැමුන් සූම් තාක්ෂණය ඔස්සේ අදාළ රැස්වීමට එක්වූ බවත් නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.

    රැස්වීමේ දී අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් එම ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදුලිබල ක්ෂේත්‍රය ගැන විවාදයක් ලබන 20 වෙනිදා

    February 16, 2026

    ජාතික ආරක්ෂාව ගැන SF කියන කතාව

    February 16, 2026

    ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ -අගමැති හරිනි

    February 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,420 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    විදුලිබල ක්ෂේත්‍රය ගැන විවාදයක් ලබන 20 වෙනිදා

    February 16, 20260116 Views

    විදුලිබල ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයක් ලබන 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබේ. ඒ…

    ජාතික ආරක්ෂාව ගැන SF කියන කතාව

    February 16, 2026

    ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ -අගමැති හරිනි

    February 16, 2026

    ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධන ආයෝජනයන්ට බදු සහන ලබාදීමට තීරණයක්

    February 16, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.