කිලිනොච්චිය, අක්කරායන් ප්‍රදේශයේ පැවැති ආගමික පෙරහැරකදී, පුදුකුඩුඉරිප්පු තේවිපුරම් සිට මන්නාරම තිරුකේතීශ්වරම් කෝවිල දක්වා පූජනීය ශිව ලිංග ප්‍රතිමාවක් රැගෙන ගිය බැතිමතුන් පිරිසකට සහය වීම සඳහා 2026 පෙබරවාරි මස 12 දින යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කළහ. බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා අවශ්‍ය සහාය සහ ආහාර පාන ලබා දීමට හමුදා භට පිරිස් කටයුතු කළහ.







