හලාවත කුරුණෑගල මාර්ගයේ ඉහළ කොස්වත්ත ප්‍රදේශයේදී හලාවත දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ ගමන් කළ ළමුන් දෙදෙනෙකුගේ ගැටී සිදු වූ අනතුරෙන් එක් දරුවෙකු මියගොස් තිබේ.
ඊයේ (01) දහවල් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනෙක් දරුවා හලාවත රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියි.
මියගොස් ඇත්තේ අවුරුදු 13 ක් වූ හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුව සිටි දරුවෙකි.
ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
