Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලංවිම ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට ඉල්ලුම් කළ පිරිස අර්බුදයක
    Featured

    ලංවිම ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට ඉල්ලුම් කළ පිරිස අර්බුදයක

    By LFNFebruary 2, 2026No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරන ක්‍රියාවලිය අවසන් කරන දිනය ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමට ඉලලුම් කර ඇති 2,000කට අධික පිරිසක් මේ වන විට දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව විදුලි වෘත්තීය සමිති පවසයි.

    විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරනය කිරීමට රජය තීරණය කළ අතර එය ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.

    ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යූහය වෙනස් වන අතර එය ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් ලෙස වෙන් වූ රජයට අයත් සමාගම් 6ක් යටතේ පවත්වාගෙන යාමට සැළසුම් කර ඇත.

    එම ක්‍රියාවලිය යටතේ විදුලිබල මණ්ඩලයේ සේවකයින් 2,000කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩ පිළිවෙලක් ද ආරම්භ කළේය.

    නව සමාගම් ව්‍යූහයට ඇතුළත් වීමට අකමැති සේවකයින් සඳහා හඳුන්වා දුන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය යටතේ ඉංජිනේරුවන්, විගනණ නිලධාරීන් සහ තාක්ෂණ නිලධාරීන් ද ඇතුළු සේවකයින් 2,173 දෙනෙකු ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ.

    එලෙස විශ්‍රාම යන සේවකයින් සඳහා වන්දි ලබාදීම සේවා කාලය මත පදනම්ව රුපියල් ලක්ෂ 9 සිට උපරිම ලක්ෂ 50 දක්වා වන බව විදුලිබල මණ්ඩලය සඳහන් කර තිබුණි.

    කෙසේවෙතත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කර ඇති සේවකයින්ගේ වැඩි පිරිසක් මේ වන විට වෙනත් රැකියා සහ විදෙස් රැකියා සඳහා ඉල්ලුම් කර ඇති බවත් විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරනය කිරීමේ අවසන් දිනය ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් මේ වන විට ඔවුන් ගැටලු රැසකට මුහුණදී ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.