Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හර්ෂ අබේවික්‍රම තනතුරින් ඉවත් කිරීම ගැන අමාත්‍යාංශය කරුණු කියයි
    Featured

    හර්ෂ අබේවික්‍රම තනතුරින් ඉවත් කිරීම ගැන අමාත්‍යාංශය කරුණු කියයි

    By LFNJanuary 30, 2026No Comments2 Mins Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ හිටපු සභාපතිවරයා වන හර්ෂ අබේවික්‍රම මහතා තනතුරින් ඉවත් කිරීම සම්බන්ධව පලවන වාර්තා සම්බන්ධව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම නිවේදනය මගින් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ හිටපු සභාපතිවරයා තනතුරින් ඉවත් කිරීමට හේතු වූ කාරණය ලෙස ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්, ගුවන් තොටුපොළ පර්යන්තයට ඇතුළත්වීමට ලබාගත් විශේෂ අවසර පත්‍රයක් දීර්ඝ කිරීමට ඉල්ලීම් කරන ලද ලිපියක් පාදක කරගනිමින් සාවද්‍ය මතයක් ඇතැම් සමාජ මාධ්‍යයන් හී පළවන බවය.

    ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ලිපි ශීර්ෂය සහිත වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයාට පසුගිය 2025.12.29 දින පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් ලිපියක් මගින් පසුගිය කාල වකවානුවල ලබා දී තිබූ ගුවන් තොටුපොළ පර්යන්තයට ඇතුළත්වීමේ විශේෂ අවසර පත්‍රය පසුගිය දෙසැම්බර් 31න් කල් ඉකුත් වන බැවින් එය ඉදිරි වර්ෂය සඳහා දීර්ඝ කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලූ බවත් එය අමාත්‍යවරයා විසින් බානගල හිමියන්ගේ ජාත්‍යන්තර ශාසනික කටයුතු පිළිබඳව සලකා බලා ගුවන් තොටුපළ පර්යන්තයට ඇතුළුවීමේ විශේෂ අවසර පත්‍රය පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනි දින සිට ඉදිරි වර්ෂයට දීර්ඝ කිරීමට කටයුතු කරන ලෙස එම ලිපියේම සටහනක් තබා ඉදිරි කටයුතු සඳහා හිටපු සභාපතිවරයා වෙත යොමු කළ බවත් අමාත්‍යාංශය සිය ලිපියේ සඳහන් කර ඇත.

    එහිදී විශේෂ අවසර පත්‍ර නිකුත් කිරීම සම්බන්ධව මීට පෙර අවස්ථාවල ඇති ඇතැම් අත්දැකීම් පිළිබඳව හිටපු සභාපතිවරයා සිදුකළ දැනුම්දීම සලකා බලා සුදුසු කොන්දේසි සහිතව අවසර ලිපියක් නිකුත් කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බවත් එම උපදෙස්වලට අනුකූලව පසුගිය 09 වැනි දින පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ට ලිපියක් යැවීමට හිටපු සභාපතිවරයා කටයුතු කළ බවත් අමාත්‍යාංශය සඳහන් කර ඇත.

    පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ ඉල්ලීමකට අනුව අදාළ ලිපිය නිකුත් කිරීම ජනවාරි මුල් සතිය තුළදී සිදුවූ බවත් සඳහන් කර ඇති අමාත්‍යාංශය සිය නිවේදනය මගින් දන්වා ඇත්තේ මේ කරුණ සම්බන්ධව අමාත්‍යවරයා සහ හිටපු සභාපති හර්ෂ අබේවික්‍රම මහතා අතර කිසිදු මත ගැටුමක් සිදුව නොමැති බවය.

    ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ පරිපාලන ව්‍යුහයේ වෙනස්කම් කිහිපයක් හා තවත් කරුණු කිහිපයක අවශ්‍යතාවය මත සභාපති තනතුර පිළිබඳව තීරණයක් ගැනීමට සිදුව ඇති මොහොතක අමාත්‍යවරයා සහ හිටපු සභාපති හර්ෂ අබේවික්‍රම මහතා සමග පසුගිය 21 වැනිදා සාකච්ඡාවක් කළ බවත් ඒ අනුව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යාංශය සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

    ඒ අනුව පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ට යවන ලද ලිපිය හිටපු සභාපතිවරයා තනතුරෙන් ඉවත් කිරීමට කිසිදු ආකාරයකින් සම්බන්ධතාවක් නොමැති බවත් අමාත්‍යාංශය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.