Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අවසර ලැබෙන්න කලින් විවෘතකළ වෙළෙඳසැලකට ප්‍රහාරයක්
    Featured

    අවසර ලැබෙන්න කලින් විවෘතකළ වෙළෙඳසැලකට ප්‍රහාරයක්

    By LFNJanuary 29, 2026No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හැටන් නගරයේ සිල්ලර වෙළෙසැලක් පවත්වාගෙන යෑමට නගර සභාවෙන් අනුමැතිය ඉල්ලා එම අනුමැතිය ලැබීමට ප්‍රථම එහි හිමිකරු විසින් ඊයේ (28) එහි මාළු සහ කුකුළු මස් අලෙවි කිරිමට විවෘත කිරිමත් සමග හැටන් නගරයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

    එම වෙළෙඳසැල ඉදිරිපිටට පැමිණි හැටන් නගරයේ මත්ස්‍ය වෙළෙදුන් කියා සිටියේ, නගර සභාවේ අනුමැතියක් නොමැතිව නගර මධ්‍යයේ තවත් මත්ස්‍ය වෙළෙසැලක් විවෘත කිරිමට ඉඩලබාදිය නොහැකි බවය.

    නගර සභාව මගින් 2026 වසරේ නගර සභාව සතු වෙළෙඳසැලක මත්ස්‍ය වෙළෙසැලක් පවත්වාගෙන යෑමට ටෙන්ඩර් පත් කැදවා තිබූ අතර, එහි ටෙන්ඩරයද ලක්ෂ 12ක මුදලකට ප්‍රදේශයේ මත්ස්‍ය ව්‍යාපාරිකයෙකු විසින් ලබාගෙන ඇත.

    අලුතින් විවෘත කරන ලද මත්ස්‍ය වෙළෙසැලේ කුකුළු මස් සහ මාළුවලට අමතරව තවත් ආහාර ද්‍රව්‍ය රැසක් අලෙවි කිරිමට ප්‍රදර්ශනය කර තිබුණි.

    එම මත්ස්‍ය වෙළෙසැල අසළම පිහිටි තවත් වෙළෙදසැල හිමියන් කියා සිටින්නේ, නගර මධ්‍යයේ මත්ස්‍ය වෙළෙසැලක් විවෘත කලහොත් එමගින් විශාල පරිසර හානියක් සිදුවීම හමුවේ තම ව්‍යාපාර කටයුතුද අඩාලවීමට ඉඩ ඇති බවය.

    එම මත්ස්‍ය වෙළෙසැලට නැගුණු විරෝධය හමුවේ හැටන් පොලිසියේ නිලධාරින්, හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා, ආදායම් පරිපාලකවරයා එක්ව වෙළෙසැලට බලපත්‍රය නිකුත් කරන තෙක් වසා දමන ලෙසට හිමිකරුට උපදෙස් දෙන ලදී.

    සිද්ධිය සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න සභාවේ ලේකම් ශ්‍යාමලී රූපසිංහ මහත්මිය ඇතුළු එම වෙළෙසැලේ හිමිකරු සහ මත්ස්‍ය වෙළෙසැල පවත්වාගෙන යන අය සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

    එහිදි සභාපතිවරයා ඔවුන් හමුවේ කියා සිටියේ, සිල්ලර වෙළෙසැලක් පවත්වාගෙන යැමට අවසර ඉල්ලා මස් සහ මාළු විකිණීමට කිසිසේත් අවසර ලබා නොදෙන බවය.

    සිල්ලර වෙළෙසැලක් පවත්වාගෙන යැමට ඉල්ලා ඇති ඉල්ලුම්පත්‍රය සම්බන්ධයෙන් ලබන මස 12වනදා නගර සභාවේ පැවැත්වෙන මාසික සභා රැස්වීමේදි සාකච්ඡා කර විසදුමක් ලබාදෙන තෙක් අවසරයක් නොමැතිව විවෘත කල වෙළෙසැල වසාදමන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.