Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇමති විජිතගේ ලිපි ශීර්ෂ හොරට හැදූ එජාප හිටපු ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
    Featured

    ඇමති විජිතගේ ලිපි ශීර්ෂ හොරට හැදූ එජාප හිටපු ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

    By LFNJanuary 29, 2026No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශ කටයුතු‚විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ලිපි ශීර්ෂ වංචනික අයුරින් භාවිත කරමින් විදේශ රැකියා ජාවාරම් සිදුකළ පුද්ගලයෙකුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එහිදී ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද විවිධ ලිපි ශීර්ෂ, විදේශ ගමන් බලපත්‍රවල ඡායා පිටපත් හා විදේශ රැකියා ඉල්ලුම්පත්‍ර රැසක් ද නිලධාරීන් භාරයට ගෙන ඇත.

    සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගලයින් 11 දෙනෙකුගෙන් කැනඩා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවත් ඔහු වංචා කළ මුදල ලක්ෂ 30කට අධික බවත් අනාවරණය වී තිබේ.

    සැකකරු මහනුවර, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි, යටිනුවර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රිවරයෙකු බව සඳහන් වේ.

    සැකකරු පසුගිය (27) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම කළ ද, ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    සැකකරු සිය ජාවාරම් සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ ලිපි ශීර්ෂ භාවිත කරන බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලි දෙකක් අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් මෙම ජාවාරම මෙහෙයවූ සැකකරු පසුගිය 26 දින අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ ඔහු රාජගිරිය‚ ඔබේසේකරපුර ලැගුම්හලක රහසිගතව ස්ථානයක රැඳී සිටිමින් ජාවාරම මෙහෙයවන අවස්ථාවේ දී ය.

    මෙම සැකකරු වසර කිහිපයක් තිස්සේ ව්‍යාජ ලියකියවිලි සකස් කර මෙවැනි ජාවාරම් සිදුකර ඇති අයෙකු බවත් ඔහුට එරෙහිව මහනුවර අධිකරණයේ නඩු කිහිපයක් ම පැවැති බවත් වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,387 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026014 Views

    අදානි සමූහයේ නිර්මාතෘ සහ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. ඒ අනුව…

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.