Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»IMF නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය අවසන් කරයි
    Featured

    IMF නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය අවසන් කරයි

    By LFNJanuary 28, 2026No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් මෙරටට පැමිණි IMF කණ්ඩායම සිදුකළ සංචාරය මේ වනවිට අවසන් කර ඇත.

    මෙම කණ්ඩායම පසුගිය ජනවාරි 22 වනදා දිවයිනට පැමිණ තිබුණි.

    සංචාරය අතරතුර IMF කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කම්කරු අමාත්‍ය හා මුදල් සහ සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා ඇතුළු රජයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා ඇත.

    මෙම IMF කණ්ඩායම, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශ, සිවිල් සමාජ සංවිධාන සහ පර්ශව රැසක් සමඟ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ ආර්ථික හා සමාජ බලපෑම් පිළිබඳ සාකච්ඡා කළ බව වාර්තා වේ.

    මෙහිදී Evan Papageorgiou මහතා සඳහන් කළේ, මෙම සංචාරය අතරතුර කණ්ඩායම යටිතල පහසුකම් හා ජීවනෝපායන්ට සිදු වූ හානි, ස්වභාවික විපත්ති සඳහා රාජ්‍ය මට්ටමින් ගන්නා මූල්‍ය ප්‍රතිචාර, මුදල් ප්‍රතිපත්තිය හා මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව විස්තීර්ණ සාකච්ඡා සිදුකළ බවය.

    එමෙන්ම, බලධාරීන්ගේ ඉදිරි ප්‍රතිපත්තිමය අරමුණු, මූල්‍ය අවශ්‍යතා, සහ Extended Fund Facility (EFF) වැඩසටහන යටතේ ශ්‍රී ලංකා නැවත ගොඩනැගීම සහ පුනරුත්ථාපන කටයුතු සඳහා IMF විසින් ලබා දිය හැකි සහාය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගෙන ඇත.

    Papageorgiou මහතා තවදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේදී මූල්‍ය සහ ණය ස්ථාවරත්වයේ ලබාගත් ප්‍රගතිය ආරක්ෂා කිරීම, රාජ්‍ය ආයෝජන කළමනාකරණය ශක්තිමත් කිරීම, ව්‍යාපෘති ප්‍රමුඛතා යළි සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, හා සාමජික ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීම සඳහා රජය කැපවී සිටින බවය.

    ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ පස් වැනි සමාලෝචනය සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට හැකි ඉක්මනින් IMF කණ්ඩායමක් යළි දිවයිනට එවීමට සැලසුම් කර ඇත.

    IMF පවසන්නේ, සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට සහ ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර වර්ධනය ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහයන්හිදී ශ්‍රී ලංකාව සමඟ IMF සහයෝගීතාවය සහ රටට සහාය වීමට ඇති සූදානම යළි තහවුරු කරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.