Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගිලිහී යන සාරධර්ම යළි කැඳවාගෙන ඒමට සියලු ක්ෂේත්‍රවල නව පුනරුදයක් අවශ්‍යයි – ජනපති
    Featured

    ගිලිහී යන සාරධර්ම යළි කැඳවාගෙන ඒමට සියලු ක්ෂේත්‍රවල නව පුනරුදයක් අවශ්‍යයි – ජනපති

    By LFNJanuary 28, 2026Updated:January 28, 2026No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආණ්ඩුවක වගකීම ජනතාව බලා ගැනීම බවත්, රටක් ලෙස අත්කර ගන්නා සියලු ආර්ථික ප්‍රතිලාභ ජනතාව සහ සමාජය වෙත ගලා යාමට සැලැස්වීමෙන් රජය මේ වන විට එම කාර්යය ආරම්භ කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් දිවයින පුරා ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැඟීමේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන මාතලේ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (27) පස්වරුවේ මාතලේ කවටයාමුණ පුරාණ රජමහා විහාරස්ථානයේදී එක් වෙමිනි.

    ආර්ථික වශයෙන් මෙන්ම සමාජයීය සහ සංස්කෘතික වශයෙන්ද දියුණු වූ රටක් ගොඩනැගිය යුතු බවත්, සමාජය තුළ ගිලිහී යන සියලු සදාචාරාත්මක ගුණාංග යළි කැඳවාගෙන ඒම වෙනුවෙන් රටේ සියලු ක්ෂේත්‍රයන්හි නව පුනරුදයක් ඇති කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    එහිදී ගම සහ ආගමික සිද්ධස්ථාන අතර සබැඳියාව යළි තහවුරු කිරීම ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු ආගමික සිද්ධස්ථාන සුරක්ෂිත කර දීමේ වගකීම රජය ඉටු කරන බවද සඳහන් කළේය.

    දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වු දිවයින පුරා ආගමික සිද්ධස්ථාන යළි ගොඩනඟන අතරම ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික අපහසුතා ඇති සහ අනෙකුත් දුෂ්කරතාවලින් පෙළෙන තෝරාගත් ආගමික සිද්ධස්ථාන සංවර්ධනය සඳහා රජයෙන් දායකත්වය ලබා දෙන වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

    මාතලේ නගරයේ සිට කිලෝමීටර් නවයක් පමණ දුරින් මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගයටත් මාතලේ ගලේවෙල මාර්ගයටත් අතර පිහිටි ඓතිහාසික කවටයාමුණ රජ මහා විහාරය සමස්ත බෞද්ධ ජනතාවගෙත්, විදෙස් බැතිමතුන්ගෙත් ගෞරවාදරයට බඳුන් වූ අතිපූජනීය විහාරස්ථානයකි.

    දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ආගමික සිද්ධස්ථාන 51කට පුර්ණ හානි සහ අර්ධ හානි සිදු විය. එම ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැඟීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් කවටයාමුණ පුරාණ රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026

    රණවිරුවන් හැමදාමත් අපේ හදවත්තුළ අනුස්මරණීයයි – ජනපති

    May 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 202604 Views

    සංචාරකයින් 2,380 ද‍ෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය…

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.