Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ නියෝගය පාර්ලිමේන්තුවට
    Featured

    රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ නියෝගය පාර්ලිමේන්තුවට

    By LFNJanuary 27, 2026No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025 අංක 04 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ) නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    2025 වසරේ නොවැම්බර් මාසයේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට බරපතල හානි සිදුවූ අතර, ඒ හේතුවෙන් නියමිත දිනට රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා මහජනතාවට දැඩි දුෂ්කරතාට මුහුණ දීමට සිදු විය.

    එමෙන්ම, එම කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හා අලුත් කිරීම සම්බන්ධ පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂ හේතුවෙන් අදාළ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වූ බවද සඳහන් වේ.

    මෙම තත්ත්වය මත මාර්ග ආරක්ෂාවට හෝ මාර්ග භාවිත කරන්නන්ට අහිතකර බලපෑමක් ඇති නොවීමේ අරමුණින්, 2025 නොවැම්බර් 25 සිට 2025 දෙසැම්බර් 24 දක්වා වූ කාලය තුළ වලංගු කාලය ඉක්මවීමට නියමිතව තිබූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය, එසේ කල් ඉකුත් වීමට නියමිත දිනයේ සිට මාසයක කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

    ඒ අනුව, අංක 2467/52 දරන 2025 දෙසැම්බර් 17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.

    (203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන අනුව, එම නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.