Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හදිසි රථවාහන පරීක්ෂාවකදී හඳුනාගත් වාහන 12ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ
    Featured

    හදිසි රථවාහන පරීක්ෂාවකදී හඳුනාගත් වාහන 12ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    By LFNJanuary 27, 2026No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගිනිගත්හේන නගරය හරහා ධාවන වන රථවාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ඊයේ (26) රාත්‍රියේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා ඇතුළු පොලීසියේ මැදිහත්වීමෙන් සිදුකෙරුණි.

    ලංගම බස් රථ, පෞද්ගලික බස් රථ ඇතුලු වාහන 65ක් එහිදී පරීක්ෂාවට ලක්කර ඇත.

    එහිදී හඳුනාගත් වාහන 12ක් දින 14කට තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව ගිනිගත්හේන පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් පැවසීය.

    නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා ඇතුළු ගිනිගත්හේන පොලිස් රථවාහන අංශයේ නිලධාරින් සහ හැටන් පොලිස් කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරින් එක්ව මෙම මෙහෙයුම දියත් කර තිබුණි.

    පරීක්ෂා කළ වාහන අතරින් වාහනවල මුල් ආකෘතිය වෙනස් කිරීම, අනතුරුදායක ලෙස වාහනවල අමතර කොටස් සවි කිරීම සහ වාහනවල තිරිංග පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම යන චෝදනා යටතේ මෙලෙස පෞද්ගලික බස් රථ 4ක්, ලොරි රථ 6ක්, ඉන්ධන ප්‍රවාහන බවුසරයක් ඇතුළු වාහන 12ක ආදායම් බලපත්‍ර මෝටර් රථ පරික්ෂකවරුන් භාරයට ගෙන තිබේ.

    අදාළ වාහනවල තිබෙන අඩුපාඩුකම් සපුරා යළිත් එම වාහන මෝටර් රථ පරීක්ෂකවරයාගේ අධීක්ෂණයට යොමු කරන තෙක් එම වාහන ධාවනය කිරීම දින 14කට මෙලෙස තහනම් කරනු ලැබූ බව ගිනිගත්හේන පොලීසියේ රථවාහන අංශයේ නිලධාරින් වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,387 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026014 Views

    අදානි සමූහයේ නිර්මාතෘ සහ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. ඒ අනුව…

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.