Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පසුගිය වසර 10 තුළ අවුරුදු 16ත් 22ත් අතර තරුණයින්ගේ අපරාධ චර්යාවල 200%ක ඉහළයෑමක්
    Featured

    පසුගිය වසර 10 තුළ අවුරුදු 16ත් 22ත් අතර තරුණයින්ගේ අපරාධ චර්යාවල 200%ක ඉහළයෑමක්

    By LFNJanuary 26, 2026No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය වසර 10ක කාලය තුළ වයස අවුරුදු 16ත් 22ත් අතර තරුණ පිරිසගේ අපරාධ චර්යාවන් ඉහළ ගොස් ඇති බව අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥ තාරක ප්‍රනාන්දු මහතා පවසයි.

    එය මේ වනවිට මෙරට සිදුකළ පර්යේෂණ හරහා හෙළි වී ඇති බවත් ලෝකය පුරාම මෙම තත්ත්වය දැක ගත හැකි බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.

    මානසික සෞඛ්‍ය විද්‍යායතනයට වසර 100ක් පිරීම නිමිත්තෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය තාරක ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ලංකාවේ 2015 සහ 2016ට ආසන්න කාලයේ සංඛ්‍යාත්ම දත්ත දෙස බැලීමේ දී අධිකරණය මඟින් නඩු විභාගයක් සිදුකර චෝදනාවට ලක් වී දඬුවමක් ලැබූ අයගේ ප්‍රමාණය 200%කින් පමණ ඉහළ ගොස් ඇති බවය.

    එය ව්‍යසනකාරී තත්ත්වයක් වන බවත් එය එලෙසම පැවතුණහොත් ඉදිරියේ දී වයස අවුරුදු 16ත් 22ත් අතර පිරිසගෙන් බන්ධගාර පිරී යනු ඇති බවත් වෛද්‍යවරයා අවධාරණය කර සිටියේය.

    එමෙන්ම මානසික ගැටලු, එසේ නොමැතිනම් උන්මන්තක පුද්ගලයින්ගෙන් වැඩි ප්‍රමාණයක් අපරාධකරුවන් බවට සමාජය තුළ මතයක් මුල් බැසගෙන ඇති අතර, එය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් වන බවද වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, මෙම පුද්ගලයින් දෙස විවෘත මනසකින් බලා අවශ්‍ය ප්‍රතිකාර සිදුකිරීම හරහා ඔවුන්ව වෙනස් කිරීමේ හැකියාව පවතින බවය.

    එමෙන්ම මෙම පුද්ගලයින් තුළ නිර්මාණාත්මක කුසලතා ඇති බවත් ඔවුන් අපරාධ සඳහා යොදන හැකියාව වෙනත් දෙයකට යෙදවීම හරහා පුනරුත්තාපනය සිදුකළ හැකි බවද අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥ තාරක ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් කියා සිටියේය.

    එවැනි පුද්ගලයින්ව පුනරුත්තාපනය කිරීමට විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුගතව කටයුතු කළ යුතු බවද තාරක ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේය.

    දකුණු ආසියාවේ ඇති විශාලතම අධිකරණ මනෝ වෛද්‍ය අංශය මෙරට පිහිටා ඇති බවද මෙහිදී වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කළේ, අධිකරණය මඟින් යොමු කරන රෝගීන්ගේ අපරාධ චර්යා සම්බන්ධ මනෝභාවය එම අපරාධය සිදුවන අවස්ථාවේ කෙසේද යන්න සොයා බැලීම, ඔවුන්ට අධිකරණයක නැවත විත්ති වාචික දීමේ හැකියාව පවතින්නේ ද යන්න සොයා බැලීම හා සමාජ සුරක්ෂිතතාවය තහවුරු කිරීම යන කරුණු අධිකරණ මනෝ වෛද්‍ය අංශයෙහි කාර්යභාරය වන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.