රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට හෙට (27) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතව තිබේ.
මෙම තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය පසුගිය 2025 වසරේදී පවත්වන ලදී.
කෙසේ වෙතත් මෙය මීට පෙර පැවැත්වීමට සැලැසුම් කර තිබුණේ, 2021 වසරේදීය.
රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 226 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබු අතර, විවෘත තරග විභාගය අනූව සුදුසුකම් සපුරන ලද 246 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා භාජනය කර මෙම 213 දෙනා එම තනතුර සඳහා තෝරා ගෙන ඇත.
රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා අනුමත කාර්ය මණ්ඩලය 2,617ක් වන අතර 1,906ක පිරිසක් මේ වන විට සෞඛ්‍ය සේවාවේ නිරත වේ.
