Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිට්වා නිසා නිවාස අහිමිවූවන් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට ඉඩම් පරිත්‍යාග කිරීමට අවස්ථාව
    Featured

    දිට්වා නිසා නිවාස අහිමිවූවන් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට ඉඩම් පරිත්‍යාග කිරීමට අවස්ථාව

    By LFNJanuary 26, 2026No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‘දිට්වා’ සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් පරිත්‍යාග කිරීමට දිවයින පුරා පරිත්‍යාගශීලි ජනතාවට අවස්ථාව ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    ‘දිට්වා’ සුළි කුණාටුව සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට නිවාස සහ දේපොළ අහිමි වී ඇති අතර, පීඩාවට පත් ජනතාව යළි නඟාසිටුවීම සහ රට යළි ගොඩනැගීම වෙනුවෙන් රජය ‘Rebuilding Sri Lanka’ වැඩසටහන ආරම්භ කළේය.

    ආපදාවෙන් පූර්ණ නිවාස හානි සිදු වූ පවුල් සඳහා නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක වන අතර එම නිවාස ඉදිකර දීම සඳහා අවශ්‍ය ඉඩම් මෙලෙස පරිත්‍යාග කිරීමට දිවයින පුරා පරිත්‍යාගශීලි ජනතාවට අවස්ථාව උදා වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.

    ඒ අනුව www.rebuildingsrilanka.gov.lk වෙබ් අඩවියෙන් හෝ 1800 යන දුරකථන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි අතර ඉඩම් පරිත්‍යාගශීලීන්ගේ තොරතුරු 011 2 331 246 යන ෆැක්ස් අංකයට ද යොමු කළ හැකියි.

    ආපදාවෙන් පීඩාවට පත් කිසිදු පුරවැසියෙකු අත්නොහැර, ඔවුන්ගේ ජීවිත පැවති තත්ත්වයට වඩා උසස් මට්ටමකින් යළි ගොඩනැගීම රජයේ අපේක්ෂාව වී තිබේ.

    එම ජනතාව වෙනුවෙන් ‘Rebuilding Sri Lanka’ වැඩසටහන සමඟ සක්‍රීයව අත්වැල් බැඳ ගන්නා ලෙස දිවයින පුරා සියලු පරිත්‍යාගශීලි ජනතාවට ආරාධනා කරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.