Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙම වසරේදී රට පුරා ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන 250ක් ඉදි කිරීමට පියවර
    Featured

    මෙම වසරේදී රට පුරා ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන 250ක් ඉදි කිරීමට පියවර

    By LFNJanuary 25, 2026No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙම වසරේදී රට පුරා ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන 250ක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    අමාත්‍යවරයා පැවසුවේ මූලික රෝග පරීක්ෂණ රැසක් එකම උපකරණයකින් සිදුකළ හැකි උපකරණයක්ද හඳුන්වාදීමට කටයුතු කරන බවත්ය.

    දිවයින පුරා ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ නියමු වැඩසටහනේ නියමු ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මධ්‍යස්ථාන 42ක් ජනතා අයිතියට පත් කිරීම ඊයේ (24) දිවයින පුරා දිස්ත්‍රික්ක 21දී සිදු කෙරිණි.

    කළුතර දිස්ත්‍රික්කයේ තණන්විල සහ හීනටියන්ගල හී පැවති එහි සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රෝග හඳුනා ගැනීම, ප්‍රතිකාර සහ පාලනය ශක්තිමත් කිරීම සඳහා මෙම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන ඉවහල් වන බවත් රට පුරා දිස්ත්‍රික්ක 21ක මෙවැනි මධ්‍යස්ථාන 42ක් ආරම්භ වීමත් සමග මේ වන විට ආරම්භ වූ මධ්‍යස්ථාන ගණන 47ක් වන බවය.

    එමෙන්ම මෙම ව්‍යාපෘතිය අද වන විට ස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ ස්ථාපිත ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන සඳහා රටේ ජනගහනයෙන් 247,251ක ජනතාවක් සම්බන්ධ කරගැනීමට කටයුතු සිදුවන බවත්ය.

    බෝ නොවන රෝග වාර්තා වීම ඉහළ අගයක් ගන්නා බවත් රෝගීන් රෝහල්වලට වාර්තා වන විට ප්‍රතිකාර කළ යුතු මට්ටම අභිබවා ගොස් ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    මේ හේතුවෙන් එම රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නවීන මිල අධික උපකරණ හා ඖෂධ ලබා දීමට සිදුවන බවත් එවැනි මිල අධික උපකරණ මිලදී ගත්තද බෝ නොවන රෝග හේතුවෙන් 80%-85%ක ප්‍රමාණයකට ජීවිත අහිමි වන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    ඒ අනුව ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන සඳහා මූලික රෝග ප්‍රතිකාර රැසක් එකම උපකරණයකින් සිදුකළ හැකි උපකරණයක් හඳුන්වාදීමට ඉදිරියේදී පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.