Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිටපු කථානායක කරූ ජයසූරියගෙන් ජනපතිට ලිපියක්
    Featured

    හිටපු කථානායක කරූ ජයසූරියගෙන් ජනපතිට ලිපියක්

    By LFNJanuary 23, 2026No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධව හිටපු කථානායකවරයෙකු වූ කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය නියෝජනය කරමින් එහි අනුශාසකවරයා ලෙස ඒ මහතා අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

    අදාළ ලිපිය මගින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ මෙරට නිදහස ලබන විට ඉඩම් හිමි උගත්, ධනවත් ප්‍රභූ පන්තියට දේශපාලනය සීමා වී ඇති බවත් 1956 වසරෙන් පසු සාමාන්‍ය පොදු මිනිසාට දේශපාලනයෙන් ඉඩ ලැබුණු බැවින් විශාල සමාජ විපර්යාසයක්ද ඇති වූ බවය.

    එම තත්ත්වය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් අහිමි කිරීම වැනි කරුණු හේතුවෙන් ධනවතුන්ට, ව්‍යාපාරිකයින්ට හා අයුතු ලෙස මුදල් උපයන පුද්ගලයින්ට සහ ධනවත් දේශපාලන පක්ෂවලට පමණක් දේශපාලනය සීමා වන බවත් මේ තුළින් අවංක සමාජ සේවකයන්ට දේශපාලන ක්ෂේත්‍රයට ඉදිරිපත්විය නොහැකි වනු ඇති බවත් එම ලිපිය මගින් හිටපු කතානායකවරයා පෙන්වා දී තිබේ.

    තවද තමන් ඇතුළුව ඉතා සුළු පිරිසක් මෙම විශ්‍රාම වැටුප සමාජයීය හා පුණ්‍ය කටයුතු සඳහා යෙදවුවද අති බහුතරයක් මන්ත්‍රීවරුන් ජීවත් වන්නේ මෙම විශ්‍රාම වැටුපෙන් බවත් පෙන්වා දෙන කරූ ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අදාළ ලිපිය මගින් ඉල්ලා ඇත්තේ ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් සඳහා පියවර ගැනීමට රජය අදහස් කරන බැවින් එහිදී මෙම කරුණ කෙරෙහි අවධානය යොමු කර සුදුසු පියවරක් ගන්නා ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.