Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ජනපති පිළිතුර දෙයි
    Featured

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ජනපති පිළිතුර දෙයි

    By LFNJanuary 22, 2026No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමඟ සාකච්ඡාවකට ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

    දැනට පවතින නීතිරීති සහ අණපනත්වලට අනුව ජාතික අධ්‍යාපන ආයතනය පදනම් කරගත් ව්‍යුහයක් මගින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරු (FUTA) මෙහිදී කරුණු පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය සඳහන් වේ.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව තම සංගමයද පිළිගන්නා බවත්, නාගරික පාසල්වල දරුවන්ට වඩා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව පවතින්නේ ග්‍රාමීය පාසල්වල දරුවන්ට බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී මතුව ඇති ගැටලු විසඳීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් තීරණය තම සංගමය අගය කරන බවත්, ඒ සඳහා තම දායකත්වය ලබා දීමට සූදානම් බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩිදුරටත් සඳහන් කර ඇත.

    පෙර පැවති සාකච්ඡාවේ දිගුවක් ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරු මුහුණ දෙන ගැටලු සහ ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් ඇතුළත් යෝජනාද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, විශ්වවිද්‍යාල පද්ධතිය සහ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජයක් ලෙස ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.

    විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කළ බව සඳහන් වේ.

    පසුගිය ආපදා තත්ත්වයට මුහුණ දීමෙන් පසු රටේ ආර්ථික සුරක්ෂිතතාව, සංවර්ධනය ඇතුළු සියලු ක්ෂේත්‍ර කෙරෙහි සලකා බලමින් රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ රජය මේ වන විට කාර්යක්ෂමව ක්‍රියාවට නංවා තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානාක මහතා ඒ වෙනුවෙන් සහාය ලබා දෙන ලෙසද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ආරාධනා කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.