Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රතිකාරවලින් පසු සුරේෂ් සලේ යළිත් CIDයට

    March 26, 2026

    අමෙරිකානු යෝජනා ඉරානය ප්‍රතික්ෂේප කරයි

    March 26, 2026

    බස් ගාස්තු ඉහළ යෑමේ වාසිය දුම්රියට

    March 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් සිසුවියන්ට අසැබි වීඩියෝ පෙන්වූ තිදරු පියා අත්අඩංගුවට
    Featured

    පාසල් සිසුවියන්ට අසැබි වීඩියෝ පෙන්වූ තිදරු පියා අත්අඩංගුවට

    By LFNJanuary 21, 2026No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් සිසුවියන්ට අවස්ථා කිහිපයකදී අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වීමේ චෝදනාව මත සැකකරුවෙකු නානුඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වයස අවුරුදු 11ත් 14ත් අතර පසුවන පාසල් සිසුවියන්ට සැකකරු විසින් මෙලෙස අසභ්‍ය දර්ශන පෙන්වා ඇති බවට නානුඔය ප්‍රදේශයේ පාසල් සිසුන් කළ පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගත් බව නානුඔය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

    පැමිණිලි සිදුකළ දැරියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, නානුඔය ප්‍රදේශයේම පදිංචි 56 හැවිරිදි තිදරු පියෙකු වන සැකකරු අද (21) නුවරඑළිය දිසා විනිසුරු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය

    නානුඔය පොලිස් කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් පී.එස්. සංජීවනී (2435) මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් නානුඔය ප්‍රදේශයේ ජනතාව, පාසල් ළමුන් සහ වතු කම්කරුවන් දැනුවත් කිරීම සඳහා ළමා අපචාර හා ලිංගික හිංසනයන් පිළිබඳ වැඩසටහනක් ද දියත් කර තිබුණු අතර, එම වැඩසටහන් අතරතුර පොලීසියට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇත.

    ඒ අනුව නානුඔය පොලිස් ස්ථානයට පැමිණිලි කළ සිසුවියන් 06 දෙනෙකු අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

    සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    ප්‍රතිකාරවලින් පසු සුරේෂ් සලේ යළිත් CIDයට

    March 26, 20260117 Views

    කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල්…

    අමෙරිකානු යෝජනා ඉරානය ප්‍රතික්ෂේප කරයි

    March 26, 2026

    බස් ගාස්තු ඉහළ යෑමේ වාසිය දුම්රියට

    March 26, 2026

    නවතම ශ්‍රේණිගත කිරීම්වල වනිදු – මහීෂ් ඉදිරියට

    March 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.