Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදෙස් රැකියාවලින් වංචා කළ රුපියල් මිලියන 380කට අධික මුදලක් නැවතත් පැමිණිලිකරුවන්ට
    Featured

    විදෙස් රැකියාවලින් වංචා කළ රුපියල් මිලියන 380කට අධික මුදලක් නැවතත් පැමිණිලිකරුවන්ට

    By LFNJanuary 21, 2026No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයෙහි නිලධාරීන් සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අතර සාකච්ඡාවක් (20) පවත්වා තිබේ.

    ඒ ජනතාව කේන්ද්‍ර කරගත් නිති ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කරමින් විශේෂ විමර්ශන ඒකකයෙහි මෙතෙක් ලබා ගත් ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහාය.

    එහිදී පසුගිය 2025 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා කාලය තුළ විශේෂ විමර්ශන අංශය විදේශ ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල් සඳහා ඉතා පැහැදිලි ප්‍රතිඵල ලබා දී ඇති බව ඔවුන් අමාත්‍යවරයා හමුවේ පෙන්වා දී ඇත.

    එහිදී අනාවරණය වී ඇත්තේ එම වසර තුළ මහජන පැමිණිලි 4,822ක් ලැබී ඇති බවත් ඉන් විමර්ශන මගින් පැමිණිලි 2,914ක් විසඳීමට කටයුතු කර ඇති බවත්ය.

    තවත් පැමිණිලි කිහිපයකට අදාළව අධිකරණයට නඩු 772ක් ගොනු කිරීමට පියවර ගෙන ඇති බවත් විමර්ශනයෙන් පසු පුද්ගලයින් 121ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම නිලධාරීන් අමාත්‍යවරයා හමුවේ පෙන්වා දී තිබේ.

    තවද නිති විරෝධී බඳවා ගැනීම් හා සම්බන්ධ වැරදිවලට එරෙහිව වැටලීම් 21ක්ද විමර්ශන සිදුකර මිලියන 380කට අධික මුදලක් පැමිණිලිකරුවන්ට නැවත අයකර දීමට හැකි ව ඇති බවත් එම නිලධාරීන් අමාත්‍යවරයා හමුවේ පෙන්වා දී ඇත.

    එමෙන්ම නීති විරෝධී ක්‍රියාවල යෙදුණු බවට සනාධ වූ විදේශ රැකියා නියෝජිතායතන 15ක බලපත්‍ර අවලංගු කිරීමටද කටයුතු කර ඇති බව මෙහිදී අනාවරණය විය.

    2025 වසරේ සැප්තැම්බර් 22 දින විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ විශේෂිත පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීම සිදුකළ බවත් එමගින් විමර්ශන සහ නීති ක්‍රියාත්මක කිරීමේ හැකියාව තවදුරටත් ශක්තිමක් හා කඩිනම් කර ඇති බවත් ඔවුන් අමාත්‍යවරයා හමුවේ අවධාරණය කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,387 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026013 Views

    අදානි සමූහයේ නිර්මාතෘ සහ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. ඒ අනුව…

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.