හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක හා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 06 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (16) දින නියෝග කර තිබේ.
ඒ, ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදීය.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කර ඇත.
අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 06 වැනිදා යළි කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය.
