ආණ්ඩුව විසින් යෝජනා කර ඇති විදුලි ප්‍රතිපත්තියෙන් පාරිභෝගිකයන්ට මෙන්ම පූනර්ජනනීය බලශක්ති අංශයට ද දඬුවම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ, එමඟින් අඩු ආදායම්ලාභීන් වින්දිතයන් බවට පත් කරන බවය.
වීදි ලාම්පු සඳහා පාරිභෝගිකයන්ගෙන් ගාස්තු අය කිරීමේ යෝජනා සහ එක් ඒකකයක් සඳහා රුපියල් 67ක ගාස්තුවක් අය කරන කාල භාවිත ක්‍රමවේදයක් පැනවීමේ උත්සාහයන් අසාධාරණ බව ද ඔහු පෙන්වා දෙයි.
ජනතාව වීදි ලාම්පු සඳහා ගාස්තු ගෙවීම ප්‍රතික්ෂේප කළහොත් එමඟින් නීතිය හා සාමය පවත්වා ගැනීමට අහිතකර බලපෑමක් ඇති කරනු ඇති බවද අදාළ සටහනේ සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබේ.
දිවා කාලයේදී පාරිභෝගිකයා විසින් භාවිතා කරනු ලබන ඒකක මත පදනම්ව සූර්ය විදුලි ජනනයන් සඳහා ගාස්තු ගෙවීම් වැනි යෝජනා මහජන අදහස් විමසීමකට භාජනය කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
විදුලි ගාස්තු 33%කින් අඩු කරන බවට ලබාදුන් පොරොන්දුව ඒ අයුරින්ම ක්‍රියාත්මක නොකර 11.57%කින් ගාස්තු ඉහළ නැංවීම සිදුනොකළ යුතු අතර අවශ්‍ය උපරිම ප්‍රමාණයට පුනර්ජනනීය බලශක්ති අංශයට සහාය ලබාදිය යුතු බව ද ඔහු වැඩිදුරටත් පවසයි.
