Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»සිරියාවේ IS ඉලක්ක වෙත අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක්
    International

    සිරියාවේ IS ඉලක්ක වෙත අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

    By LFNJanuary 11, 2026No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිරියාවේ ක්‍රියාත්මක IS ත්‍රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත අමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

    අමෙරිකා හමුදාව සඳහන් කරන්නේ, IS ත්‍රස්ත සංවිධානය විසින් පසුගිය මාසයේදී සිදුකළ ප්‍රහාරයකින් අමෙරිකානු හමුදා සෙබළු දෙදෙනෙකු සහ අමෙරිකානු සිවිල් පරිවර්තකයෙකු මියයාමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙන් මෙම ගුවන් ප්‍රහාර සිදුකර ඇති බවය.

    එම ගුවන් ප්‍රහාර අමෙරිකානු වේලාවෙන් ඊයේ දහවල් 12.30ට පමණ සිදුකර ඇති බව වාර්තා වෙයි.

    අමෙරිකා හමුදා සහ හවුල් හමුදා මෙම ප්‍රහාරට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    “Operation Hawkeye Strike” ලෙස නම් කළ පළමු ප්‍රතිප්‍රහාරය පසුගිය දෙසැම්බර් 19 වන දින අමෙරිකා එක්සත් ජනපදය සහ ජෝර්දානය එක්ව ක්‍රියාත්මක කර තිබුණි.

    ඉන් පසු IS ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව අතිරේක ගුවන් හා භූමි ප්‍රහාර සිදුකරමින් පවතින බවද අමෙරිකානු හමුදාව වැඩිදුරටත් සඳහන් කර ඇත.

    පසුගිය දෙසැම්බර් 13 වන දින සිරියාවේ පල්මයිරා ප්‍රදේශයේදී IS සංවිධානයට අයත් තනි වෙඩිකරුවෙකු විසින් සිදුකළ ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළු දෙදෙනෙකු සහ අමෙරිකානු සිවිල් පරිවර්තකයෙකු මියගොස් ඇති අතර, එම වෙඩිකරු පසුව ඝාතනය කර ඇති බව අමෙරිකානු හමුදාව පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202604 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.