Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»SLFP සාමාජිකයින් පිරිසක් මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
    Featured

    SLFP සාමාජිකයින් පිරිසක් මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

    By LFNJanuary 10, 2026No Comments2 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් පිරිසක් ඊයේ (09) මහනුවර සංචාරක නිරත විය.

    ඔවුන් ප්‍රථමයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් වැඳපුදා ගෙන තිබේ.

    අනතුරුව ඔවුන් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගෙන තිබේ.

    එහිදී රටෙහි වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මහ නාහිමිවරු දැනුවත් කළ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් පිරිස සිය පක්ෂයේ ඉදිරි දේශපාලන ගමන් මග පිළිබඳව ද නාහිමිවරු දැනුවත් කර තිබේ.

    නව වසර සඳහා සිය පක්ෂයට ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණින් මෙම පිරිස මෙලෙස මහනුවර සංචාරයේ නිරත වී ඇත.

    මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ වාද භේද සියල්ල පසෙකලා සියල්ලන්ම ඒකරාශී කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට මෙම වසරේ දී බලාපොරොත්තු වන බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,

    ”අද දින අපි මහා නායක ස්වාමීන්වහන්සේ බැහැ දැකීමට පැමිණියේ නව වසරට උන්වහන්සේලාගෙන් අපේ පක්ෂයට ආශිර්වාද ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්.අපිට ඒ ආශිර්වාදය ලැබුණා. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාද, භේද දුර්වල වෙලා හැමෝම ඒකරාශී කරගෙන ඉදිරියට ගමන් කිරීමට මේ අවුරුද්දේදී බලාපොරොත්තු වෙමින්, පාර්ලිමේන්තුව තුළ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන තරුණ මන්ත්‍රීවරයෙක් වන චාමර සම්පත් දසනායක මැතිතුමාට පක්ෂයේ ජාතික සංවිධායක ධූරය අපි පිරිනමලා තියෙනවා.”

    එමෙන්ම මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේ ජනතාව විසින්ම මෙම ආණ්ඩුව නෙරපා හරින දිනය වැඩි ඈතක නොවන බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා

    ”ජාතික සංවිධායක කියන්නේ මේ ජාතික සංවිධායක ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බැබලුවේ කොයි කාලෙද? ඕගොල්ලොන්ගේ නායකයා. අනූ හතරේ ආණ්ඩුව ගත්තේත් අනුරුද්ධ රත්වත්තේ. ජාතික සංවිධායක, ශ් රී ලංකා නිදහස් පක්ෂය.. අනුරුද්ධ රත්වත්තේ මහත්තයාගේ මේ තමයි මේ තනතුර. ඉතින් ඒ තනතුර දීලා තියෙනවා.වැටුනම නැගිටින්න ටිකක් අමාරුයි. මම වගේ මිනිහෙකුට……. හැබැයි ආයේ නැගිට්ටොත් වට්ටන්නත් බැහැ. ඒ නිසා අපි තෝර තෝර ඉන්න බැහැනේ. මිනිස්සු වඩාගෙන එන්නත් බැහැනේ පක්ෂ හදන්න. දැන් වඩාගෙන ඇවිල්ලා කරන්න බැහැ මේ වැඩේ. අපි දැන් ඉන්නේ කීදෙනාද පටන් ගත්තා වැඩේ කරනවා. ඒ නිසා කවුරු ආවත් මට මේ වැඩේ භාරදීලා තියෙනවා. තව මාස හයකින් බලන්න. චාමර සම්පත් මොකක්ද කරන්නේ? අපි පාර්ලිමේන්තුවේ ශ් රී ලංකා නිදහස් පක්ෂයේ හඬ හරියටම දෙනවානේ තනියෙන් හරි”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.