Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැදපෙරදිග ගැන සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්වෙයි

    March 3, 2026

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 3, 2026

    අතපය ගැට ගසා ඝාතනය කළ බවට සැක මළ සිරුරක්

    March 3, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පළමු පාර්ලිමේන්තු රැස්වීම අද – හදිසි නීති රෙගුලාසි විවාදයත් පැවැත්වෙයි
    Featured

    පළමු පාර්ලිමේන්තු රැස්වීම අද – හදිසි නීති රෙගුලාසි විවාදයත් පැවැත්වෙයි

    By LFNJanuary 6, 2026No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසර සඳහා පළමුවරට පාර්ලිමේන්තුව අද (06) රැස්වීම නියමිතව තිබේ.

    කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව, පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

    අද දිනයේදී ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ වන නියෝග සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිතය.

    ඊට අමතරව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පසුගිය දෙසැම්බර් 28 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශනයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතව තිබේ.

    පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ස්ථාපිත කිරීමට අදාළ යෝජනා සම්මතය ද අද දිනයේ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

    මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව ලබන 9 වන දින දක්වා රැස්වීමට නියමිතව ඇති අතර එහිදී අණ පනත් කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ද නියමිතව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැදපෙරදිග ගැන සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්වෙයි

    March 3, 2026

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 3, 2026

    අතපය ගැට ගසා ඝාතනය කළ බවට සැක මළ සිරුරක්

    March 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මැදපෙරදිග ගැන සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්වෙයි

    March 3, 20260112 Views

    මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (03) පාර්ලිමේන්තු…

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 3, 2026

    අතපය ගැට ගසා ඝාතනය කළ බවට සැක මළ සිරුරක්

    March 3, 2026

    ඉරාන මිසයිලයක කෑල්ලක් වැදී ලංකික කතකට සුළු තුවාල

    March 3, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.