Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති
    Featured

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    By LFNDecember 21, 2025No Comments7 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි, තිර අදිටනින් සහ එකම අරමුණකින් යුතුව සියලුදෙනා තමන් වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ලෙස පැවරී ඇති වගකීමත්, ආගමික සංස්ථාවන් ලෙස පැවරී ඇති වගකීමත්, ජනතාව ලෙස සහ ආරක්ෂක හමුදාවන් ලෙස පැවරී ඇති වගකීමත් නිසි පරිදි ඉටු කිරීමෙන් ඉතා ඉක්මනින් ඉතිහාසයේ අප සතු වූ අභිමානය සහ ගෞරවයේ උරුමය සහිත මාතෘ භූමිය යළි නිර්මාණය කරගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් එක්ව වැඩ කරමු’යිද සියලුදෙනාට ආරාධනා කළේය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අද (21) පෙරවරුවේ එක් වෙමිනි.

    අපේ රට ඉතා විශිෂ්ට උරුමයකට සහ ජයග්‍රහණවලට හිමිකම් කිව්වද පසුගිය දශක කිහිපය තුළ රට සියලු ආකාරයේ බිඳ වැටීමවලට ලක්වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා අද සියලුදෙනා වෙත පැවරී ඇති වගකීම වන්නේ මාතෘ භූමිය යළි ලෝකයේ උසස් වටිනාකම් සහ ඇගයීම්වලට ලක්වන රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම බවද පැවසීය.

    රජයක් ලෙස සහ ජනාධිපතිවරයා ලෙස තමන්ට පැවරී ඇති වගකීම රට ගොඩනැගීම වෙනුවෙන් උපරිමයෙන් උපයෝගී කර ගන්නා බව පැවසු ජනාධිපතිවරයා ආර්ථිකය ගොඩනැගීම සහ ඒ වෙනුවෙන් අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම සහ දේශපාලනය මහ ජනතාවගේ ධනය එක් රැස් කර ගන්නා වෘත්තියක සිට මහජනතාවට සේවය කරන වෘත්තීයක් බවට පරිවර්තනය කිරීමේ වගකීම රජය ඉටු කරමින් තිබෙන බවද සඳහන් කළේය.

    අද (21) පෙරවරුවේ දියතලාව යුද හමුදා විද්‍යා පීඨය වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුදා උත්තමාචාර පිරිනමමින් අභිමානවත් අයුරින් පිළිගැනිණි.

    ජාතියටත්, ශ්‍රි ලංකා යුද හමුදාවටත් වීරෝධාර නායකයන් බිහිකළ යුද හමුදාවේ විශිෂ්ටතම නිලධාරී පුහුණු ආයතනය වන දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ 100 වන විසිර යාමේ පෙළපාලිය මෙය වන අතර නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 93, 94බී කෙටි කාලීන පාඨමාලා අංක 23 නිත්‍ය පාඨාමාලා අංක 62 සහ ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරිනි පාඨාමාලා අංක 19 යන පාඨමාලාවන්ට අයත් කෙඩෙට් නිලධාරීන්/නිලධාරිනියන් 240 දෙනෙකු සාර්ථක යුද හමුදා පුහුණුවකින් පසු අධිකාරි ලබා යුද හමුදා සේවයට එක් වීම මෙහිදී සිදු කෙරිණි. මේ අතරින් විදෙස් රටවල කෙඩෙට් නිලධාරි නිලධාරිනියන් 08 දෙනෙක්ද පුහුණුව ලබා විසිර යාමද විශේෂත්වයකි.

    කෙඩෙට් නිලධාරී, නිලධාරිනියන්ගේ විසිර යාමේ පෙළපාලිය පරීක්ෂා කිරීමට සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් වූ අතර දක්ෂතම කෙඩෙට් කණ්ඩායම වෙත ශූරතා ධජ පිළිගැන්වීම සහ කෙඩෙට් නිලධාරීන් වෙත අසිපත පිළිගැන්වීමත්, එක් එක් පාඨමාලාවන්හි ප්‍රථම ස්ථානය දිනාගත් නිලධාරී, නිලධාරිනියන් වෙත ජනාධිපති කුසලතා සම්මාන පිරිනැමීමත් ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ සෑම අසිරු අවස්ථාවකම යුද හමුදාව රටත්, ජනතාවත් වෙනුවෙන් ඉටුකරන මෙහෙය ප්‍රශංසනීය බවත්, විශේෂයෙන් පසුගිය සුළි කුණාටුව හමුවේ ජනතාව මුදා ගැනීමේ සහ පහසුකම් සැපයීමේදී ඉටු කළ විශිෂ්ට කාර්යභාරයට ස්තූතිවන්ත වන බවත්ය.

    විසිර යාමේ උළෙල ඇමතු සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

    කෙඩෙට් නිලධාරීන් වශයෙන් දියතලාව ආරක්ෂක විද්‍යා පීඨයට ඇතුළු වී ජාත්‍යන්තරව පිළිගත් පුහුණුවක් සහිත අධ්‍යාපනයක් ලැබූ ඔබ අද අධිකාරියට පත් වෙනවා. එය ඔබගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇතැයි මම විශ්වාස කරනවා. ඔබගේ වෘත්තීමය ජීවිතයේ ඉදිරියට යන්න, තවත් අපේක්ෂාවන් සහ බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකිවේවායි කියා ප්‍රාර්ථනා කරනවා.

    මේ මොහොතේ ඔබ දෙස ඔබේ දෙමාපියන් බලාගෙන සිටිනවා. කුඩා කාලයේ සිටම ඔවුන් තමන්ගේ දරුවාට හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කළා. අද එම දෙමාපියන්ට ඔබ පිළිබදව ආඩම්බර වෙන්න මේ මොහොත සුවිශේෂී අවස්ථාවක්. අප මාතෘභූමියේ වගකීම දරාගෙන, යුද හමුදාවේ ගෞරවය සහිත අසිපත තම දෙඅත් මත හොවාගත් දරුවා තමා ඉදිරිපිට සිටීම දෙමාපියන්ට විශාල ආඩම්බරයක්. ඔබ ඔබගේ දෙමාපියන්ට ලබා දිය යුතු උපරිම ගෞරවය සහ වටිනාකම අද ලබා දී තිබෙනවා. ඒ වගේම එම දෙමාපියන්ගේ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් ඉටු කරමින් ඔබ මේ වෘත්තීය තුළ පවතින ගෞරවය සහ වටිනාකම ආරක්ෂා කර ගනිමින් ඉතාමත් හොඳ ජීවිතයක් ගත කරනු ඇතැයි මම විශ්වාස කරනවා.

    ඒ වගේම ඔබගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔබ දෙස බලාගෙන සිටිනවා. එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මහත් කැප කිරීමකින් සහ අභියෝගාත්මක යුගයන් ගත කරමින්, ශ්‍රී ලංකා යුද හමුදාවේ ගෞරවය, වටිනාකම සහ වෘත්තීමයභාවය ආරක්ෂා කළා. එම නිලධාරීන්ගේ අධීක්ෂණය සහ නිසි මඟපෙන්වීම යටතේ ඔබ පුහුණුව ලබා අද අධිකාරිලත් තනතුරුවලට පත් වෙනවා. යුද හමුදාපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔබ කෙරෙහි බලාගෙන සිටිනවා. ඔවුන් මෙම වෘත්තීයට ගෙන එන ලද ගෞරවය සහ වටිනාකම ඒ ආකාරයෙන්ම ඔබ ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කරනවා.

    රජයටත්, ජනාධිපතිවරයා වශයෙන් මටත්, අපේ මාතෘ භූමියටත් ඔබ කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. අප රට විවිධ අවදියන්හි, විවිධ අභියෝගයන්ට මුහුණ දුන්නා. ඒ අභියෝගයන් ජයග්‍රහණය කිරීම වෙනුවෙන්, මේ මාතෘ භූමියේ ආරක්ෂාව, සාමය සහ ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන ලද ඔබගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටිනවා.

    ඔබ මා දෙපය තබා සිටින්නේ අතීතයේ, වීරෝධාර ක්‍රියා මගින් අප මාතෘ භූමිය නිදහස් කර ගැනීමේ සටනේදී ජීවිත පරිත්‍යාග කළ මහ පොළොව මතයි. එනිසා අප සෑම දෙනාටම අත්හැරිය නොහැකි වගකීමක් පැවරි තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව ලෙස ඔබට අප මාතෘ භූමියේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අකලංක වගකීමක් තිබෙනවා. අපට ඒ සම්බන්ධව ඔබ කෙරෙහි විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් තිබෙනවා.

    අප රට සුළි කුණාටුව හමුවේ විශාල ව්‍යසනයකට මුහුණ දුන්නා. ජන ජීවිතය මුළුමණින්ම අඩාල වුණා. ඇතැම් ජන කණ්ඩායම්වලට ආහාර සපයා දීමේදී විශාල දුෂ්කරතාවයකට මුහුණ දෙන්න සිදු වුණා. ඇතැම් ජීවිත ගලවා ගැනීම විශාල අභියෝගයක් වුණා. එදා සිට මේ දක්වා සෑම අභියෝගයකදීම ශ්‍රී ලංකා යුද හමුදාව විශාල කාර්ය භාරයක් ඉටු කරමින් සිටිනවා. ඔවුන්ට ස්තූතිය පිරිනැමීමටද මම මෙය අවස්ථාවක් කර ගන්නවා.හමුදා සාමාජිකයන් ඉතා අසීරු කාර්යයක නිරත වෙමින් ජන ජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් විශාල වෙහෙසක් දරමින් කටයුතු කරනවා.

    ඔබ මත පැවරී තිබෙන්නේ හුදු වෘත්තියක වගකීමක් පමණක් නොවයි. විවිධ වර්ගයේ රැකියාවන් තිබෙනවා. ඔබගේ මිතුරන් විවිධ රැකියාවල නිරත වෙනවා. ඒ සෑම රැකියාවකටම ලැබෙන වගකීමක් සහ වටිනාකමක් තිබෙනවා. මම සිතනවා ඔබට ඉතා උත්තුංග වටිනාකමක් ලැබී තිබෙන අතර විශාල වගකීමක් ඔබේ දෙවුර මත පැවරී තිබෙනවා.

    අපි අපේ මාතෘ භූමිය යළි ගොඩනැගිය යුතුයි. පැති ගණනාවකින් අපේ මාතෘ භූමිය තර්ජනයට මුහුණ දී තිබෙනවා. එක පසකින් අපේ රාජ්‍ය යාන්ත්‍රණය අබල දුබල වී බිඳ වැටෙමින් තිබු යුගයක් තිබුණා.අපේ ආර්ථිකය විශාල ලෙස අභියෝගයට ලක්ව කඩා වැටෙමින් තිබු යුගයක් තිබුණා. අපේ සමාජයේ යහපැවැත්ම මුළු මනින්ම බිඳ වැටෙමින් තිබු යුගයක් තිබුණා. මිනිස් සබඳතා වටිනාකමක් නොමැති සබඳතාවන් බවට පත් වෙමින් තිබුණා. දෙමාපියන් සහ දරුවන් අතර සබඳතාව බිඳ වැටෙන්න පටන් ගත්තා. ගුරුවරුන් සහ දරුවන් අතර සබඳතා බිඳ වැටෙන්න පටන් ගත්තා. ආගමික සංස්ථාවන් සහ දායක සභාවෙන් අතර සබඳතාවන් බිඳ වැටෙන්න පටන් ගත්තා.

    අපේ රට සියලු මානව සබඳතා බිඳ වැටුණු රාජ්‍යයන් බවට පත් වන යුගයක් ඇති වෙමින් තිබුණා. එහිදී අප වෙත පැවරී ඇති වගකීම කුමක්ද, අපි ඓතිහාසික උරුමයන් සහ ඓතිහාසික ජයග්‍රහණයන් තිබෙන මාතෘ භූමියක්. එහෙත් අපේ රට සියලු ආකාරයේ බිඳ වැටීම්වලට ලක්ව තිබුණා. දැන් අප මත පැවරී ඇති වගකීම වන්නේ මේ මාතෘභූමිය ලෝකයේ උසස්, වටිනාකම් සහ ඇගයීම්වලට ලක්වන රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමයි. එහිදී අපි එකිනෙකා වෙත පැවරී ඇති වගකිම් තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස සහ ආණ්ඩුව ලෙස අපට පැවරී තිබෙන වගකීමක් තිබෙනවා. ආර්ථිකය ගොඩනැගීම සහ ඒ අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම, දේශපාලනය හුදු මහජනයාගේ ධනය එක් රැස් කර ගන්නා වෘත්තික සිට මහජනයා සමග සමීපව කටයුතු කරන දේශපාලන සංස්කෘතියක් බවට පරිවර්තනය කිරීමේ වගකීම අපිට තිබෙනවා.දේශපාලනය මහ ජනයාගේ ධනය එක් රැස් කරන වෘත්තියක් නොවෙයි, මහජනතාවට සේවය කරන වෘත්තියක් බවට පත් කිරීම ආදී වගකීම් අපිට පැවරී තිබෙනවා.

    ඔබටත් ඒ හා සමාන වගකීම් පැවරී තිබෙනවා. මෙහි එක් රැස්ව සිටින දෙමාපියන්ට අපේ රට පිළිබඳ වගකීම් පැවරී තිබෙනවා. අපේ ආගමික සංස්ථාවන්ට වගකීම් පැවරී තිබෙනවා. මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ අපි එකිනෙකාට එරෙහිව කටයුතු කිරීමෙන් හෝ සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොවෙයි. අපිට රටක් ලෙස ඉදිරියට යා හැකි වන්නේ අපි සියලුදෙනාම අපිට පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටුකරනවා කියන තිර අදිටනින් යුතුව කටයුතු කිරීමෙන් පමණයි.

    රාජ්‍යයක් ලෙස අපිට පැවරී තිබෙන වගකීම මේ රාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන් අපි උපයෝගි කර ගන්නවා කියා මා ඔබට සපථ වෙනවා. ඒ වගේම මම ඔබට ආරාධනා කරනවා ඔබට පැවරී තිබෙන කාර්ය සහ වගකීම නිසි පරිදි ඉටු කරන්න කියලා. මම පොදු ජනතාවට ආරාධනා කරනවා ඔබ සියලුදෙනාට පැවරී ඇති වගකිම නිසි ලෙස ඉටු කරන්න කියලා. අපි සියලුදෙනාට එකම අරමුණකින් අඛණ්ඩව කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි එක්ව වැඩ කළ හැකි නම් ඉතා ඉක්මණින් ඉතිහාසයේ අපේ රට සතු වූ අභිමානය සහ ගෞරවයේ උරුමය සහිත මාතෘ භූමිය යළි නිර්මාණය කරගත හැකියි. ඒ වෙනුවෙන් අපි එක්ව වැඩ කරමු කියා සියලුදෙනාට ආරාධනා කරනවා.

    ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයිකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු සහ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එන් මැදගොඩ මහතා ඇතුළු ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරීන්, යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විසිර යන කෙඩේට් නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.