Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
    Featured

    ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    By LFNDecember 21, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන, ධීවර, ප්‍රවාහන, නිවාස සහ ඉදිකිරීම් ආදී විෂයයන්ට අයත් අමාත්‍යාංශවල ලේකම්වරුන්, අදාළ ආයතනවල ප්‍රධානීන් සහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ද මේ සඳහා සහභාහී වී තිබේ.

    නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25,000 සහ ගෘහ උපකරණ මිලදී ගැනීමට ලබා දෙන රුපියල් 50,000ක දීමනාව මෙම දෙසැම්බර් 31 දිනට පෙර ලබා දීමට කටයුතු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    එමෙන්ම නිවාස සහ වගා හානි සඳහා වන්දි ගෙවීම්, දිවයින පුරා පවත්වා ගෙන යන සුරක්ෂිත මධ්‍යස්ථානවල කටයුතු, ජනතාව නැවත පදිංචි කිරීම, ජීවනෝපාය මාර්ග යළි ගොඩ නැගීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ සහ එහි ප්‍රගතිය පිළිබඳව මෙහිදී විමසා බලන ලදී.

    වන්දි ලබා දීමේ ක්‍රියාදාමයේදී මතුව ඇති ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, එම කටයුතු කාර්යක්ෂම කිරීම සහ කිසිවෙක් අත්නොහැරෙන පරිදි වන්දි හිමි විය යුතු සියලු දෙනාටම එම ප්‍රතිලාභය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    එමෙන්ම ජනතාව නැවත පදිංචි කිරීම් සහ ඒ සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනිම පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, ප්‍රධාන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කළ යුතු නිවාස ව්‍යාපෘති පිළිබඳ වෙනම සැලැස්මක් සකස් කිරීමටත්, ඊට අදාළව සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් යළි කැඳවීමටත් කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

    එමෙන්ම අධි අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව කඩිනමින් එම ස්ථානවලින් ඉවත් කර සුරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිවාස හානි සඳහා වන්දි ලබාදීමේදී සාධාරණ සහ විනිවිද භාවයෙන් යුතුව එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද පැහැදිලි කළේය.

    මහ කන්නයට ගොවි ජනතාව සූදානම් කිරීම සඳහා අවශ්‍ය වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, වන්දි ලබාදීම සහ බිත්තර වී ඇතුළු පහසුකම් ලබාදීමේ වැඩසටහන්හි ක්‍රියාකාරිත්වයද ජනාධිපතිවරයා විමසා බැලීය.

    එමෙන්ම හානි වූ සත්ව ගොවිපොළ සඳහා වන්දි ලබා දෙමින් එම ජනතාවගේ ජීවනෝපාමාර්ග යළි ආරම්භ කිරීම, ආපදවෙන් හානි වූ කුඩා වෙළෙඳ ව්‍යාපාර යළි ආරම්භ කිරීමට සහාය වීම, ධීවර කර්මාන්තය යථාවත් කිරීම සහ පාසල් දරුවන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 15,000ක දීමනාව කඩිනමින් ලබාදී අවසන් කිරීමේ වැඩසටහන්හි ප්‍රගතියද සාකච්ජා කෙරිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.