Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු කොටුවෙයි

    February 20, 2026

    රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 99,000 ඉක්මවයි

    February 20, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

    February 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පනත් කෙටුම්පත් තුනකට කථානායකගේ සහතිකය
    Featured

    පනත් කෙටුම්පත් තුනකට කථානායකගේ සහතිකය

    By LFNDecember 18, 2025No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් තුනක් සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබේ.

    පාර්ලිමේන්තුවේදී ඊයේ (17) නිවේදනය කරමින් ඒ මහතා මේ බව පැවසීය.

    ඒ අනුව, කථානායකවරයා සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත, ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් සඳහා මෙලෙස සිය සහතිකය සටහන් කර ඇත.

    සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතේ මූලික අරමුණ වූයේ 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම බව සඳහන් වේ.

    2025.10.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත් 2025.12.05 දින පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබේ.

    ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත ද 2025.12.05 දින පාර්ලිමේන්තුවේදී සම්මත කර ඇති අතර එමගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 2 වන වගන්තිය සංශෝධනය කිරීම අරමුණු විය.

    ඒ අනුව, පනත් කෙටුම්පතට කරන ලද සංශෝධන සියයට දහයක ප්‍රතිශතයක් වන දළ එකතු 2023 අප්‍රේල් 1 සිට 2025 ඔක්තෝබර් 1 දක්වා වන කාල සීමාව සඳහා පමණක් අදාළ වන පරිදි සිමා කිරීම, බුකිකරුවෙකුගේ ව්‍යාපාරයක් හෝ සූදු ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයින්ගෙන් දළ එකතුව මත බද්ද 2025 ඔක්තෝබර් 1 සිට සියයට දහඅට දක්වා වැඩි කිරීම සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන පුද්ගලයින්ගෙන් කැසිනෝ ප්‍රවේශ බද්ද අමෙරිකානු ඩොලර් සියයක් දක්වා වැඩි කිරීම අරමුණු කර ගෙන ඇත.

    2025.11.14 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත, 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සංශෝධනය කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද අතර එම පනත් කෙටුම්පතද 2025.12.05 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී.

    ඒ අනුව, එම සංශෝධන අතරට උපරිම බදු නිවාඩු කාලය අවුරුදු විසිපහේ සිට අවුරුදු දහය දක්වා අඩු කිරීම සහ ව්‍යාපෘති හඳුනාගැනීම සඳහා නව ක්‍රියාවලියක් අනිවාර්ය කිරීම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් ව්‍යාපෘතියක් හඳුනාගෙන බදු විරාමයක් හෝ සහනයක් ලබාදීමට පෙර අනිවාර්ය පූර්ව- පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයක් සඳහා මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරීම, ආයෝජන මණ්ඩලය විසින් පූර්ව-කාලීන අධීක්ෂණය සඳහා නව අවශ්‍යතා ස්ථාපිත කිරීම, ප්‍රධාන කාර්ය සාධන දර්ශක වලට අනුකූල නොවීම සඳහා පරිපාලන දඩ මුදල් පැනවීමට හෝ නිදහස් කිරීම් සීමා කිරීමට හෝ අවලංගු කිරීමට ඇති අධිකාරිය ඇතුළුව, බදු ප්‍රකාශන ගොනු කිරීම අනිවාර්ය කිරීම, සහ මෙම ව්‍යාපෘති වලට අදාළ බදු වියදම් පිළිබඳ වාර්ෂික වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීමට මුදල් අමාත්‍යාංශය සඳහා අනිවාර්ය කිරීම ඇතුළත් වේ.

    ඒ අනුව, එම පනත් කෙටුම්පත් තුන පිළිවෙලින් 2025 අංක 24 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත, 2025 අංක 25 දරන ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත සහ 2025 අංක 26 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත ලෙස බලාත්මක වනු ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු කොටුවෙයි

    February 20, 2026

    රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 99,000 ඉක්මවයි

    February 20, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

    February 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,422 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,375 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු කොටුවෙයි

    February 20, 20260120 Views

    වීසා උපදේශනය ලබා දෙන බව පවසමින් ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු ප්‍රදේශ…

    රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 99,000 ඉක්මවයි

    February 20, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

    February 20, 2026

    පසුගිය වසරේත් උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවයි

    February 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.