Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සහන කඳවුරුවල සිටින පිරිස යළි පදිංචි කරවීම කඩිනමින්

    December 14, 2025

    රටම එකට ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 878දෙනෙකු අත්අඩංගුවට

    December 14, 2025

    ආපදාවෙන් හානි වූ නිවාස ගණන 6,000 ඉක්මවයි

    December 14, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට
    International

    අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

    By LFNDecember 14, 2025No Comments1 Min Read101 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් හි පිහිටි බ්‍රවුන් විශ්ව විද්‍යාලය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    සිද්ධියෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇත.

    වෙඩික්කරු වෙඩි තැබීමෙන් පසු පලා ගොස් ඇති බවත් මෙතෙක් සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති බැවින් ඒ ආශ්‍රිත ජනතාවට ආරක්ෂාකාරීව නිවෙස් තුළ සිටින ලෙසද එරට පොලීසිය දන්වා තිබේ.

    විශ්වවිද්‍යාලයද වෙඩික්කරුවෙකු පිළිබඳව අනතුරු අඟවමින් නැවත දැනුම්දෙනතුරු සැඟව සිටින ලෙසද ජනතාවගෙන් සහ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

    කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඔහු වෙඩි තැබීම සඳහා කුමන ගිනි අවියක් භාවිත කර ඇද්ද යන්න සම්බන්ධවත් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවත් පොලීසිය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    කෙසේ වෙතත් අදාළ වෙඩි තැබීමෙන් පසු සැකකරු පයින්ම පිටව ගොස් ඇති බවද වාර්තා වන අතර සැකකරු සොයා විමර්ශන පැවැත්වෙන බවත් සඳහන් වේ.

    මේ අතර සිද්ධිය සම්බන්ධව සිය Truth Social හි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ වෙඩි තැබීම සම්බන්ධව තමන්ට වාර්තා වූ බවත් මේ වන විට එම ස්ථානයට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය යොමු වී ඇති බවත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙසී ඉන්දියාවට – කොල්කටා නුවරදී උණුසුම් පිළිගැනීමක්

    December 13, 2025

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 2025

    ජපානයේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල

    December 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    සහන කඳවුරුවල සිටින පිරිස යළි පදිංචි කරවීම කඩිනමින්

    December 14, 20250118 Views

    සහන කඳවුරුවල දැනට 7000කට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයක් සිටින බවත් ඔවුන් මාස 2ක් හෝ 3ක් ඇතුළත…

    රටම එකට ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 878දෙනෙකු අත්අඩංගුවට

    December 14, 2025

    ආපදාවෙන් හානි වූ නිවාස ගණන 6,000 ඉක්මවයි

    December 14, 2025

    කොළඹ වරායේ බොරතෙල් ගොඩබාමින් සිටි නෞකාවක නල මාර්ගයක කාන්දුවක්

    December 14, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.