Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් අවසන්ද ?
    Featured

    නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් අවසන්ද ?

    By LFNDecember 13, 2025No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා මධ්‍යම කාරක සභාවට සහභාගී වීමට හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනාවක් සිදුකර තිබේ.

    එම පක්ෂයේ සමස්ත ලංකා මධ්‍යම කාරක සභාව එළැඹෙන 14 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය ඇතුළු විවිධ තනතුරු සම්බන්ධයෙන් මේ වන විට පාර්ශ්ව කිහිපයක් නීතිමය ක්‍රියාමාර්ගද ගෙන තිබේ.

    නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය හෙබවූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාද ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතාද නිදහස් පක්ෂ තනතුර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹ ඇත.

    කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතිවරයාව සිටි කාලයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි.

    එමෙන්ම මේ වන විට නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන්නේ දුමින්ද දිසානායක මහතායි.

    කෙසේ වෙතත් පැවැති සාකච්ඡාවලින් අනතුරුව මේ වන විට නිදහස් පක්ෂ නියෝජිතයින් අතර යම් එකඟතාවයකට පැමිණ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය.

    එහිදී නීතිමය ක්‍රියාමාර්ගවලට එළැඹ ඇති පාර්ශ්ව එම නඩු ඉවත් කර ගැනීමට සූදානමින් සිටින බවද මේ වන විට වාර්තා වේ.

    ඒ අනුව එළැඹෙන සමස්ත ලංකා මධ්‍යම කාරක සභාවේදී ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතාට පක්ෂයේ ජ්‍යෙෂ්ට උප සභාපති තනතුරක් පිරිනැමිමට පක්ෂය කටයුතු සිදුකරමින් සිටින බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

    මේ අතර දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාටද සමස්ත ලංකා මධ්‍යම කාරක සභාවට ආරාධනා පත්‍ර යොමු කර ඇති අතර ඔහුට නිදහස් පක්ෂයේ තනතුරක් ලබා දීමට සූදානම් බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

    එහෙත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ වන විට සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර ඊට සමගි ජන බලවේගයේ කිසියම් විරෝධත්වයක් පළකර ඇති බවත් වාර්තා වේ.

    මේ අතර එළැඹෙන 14 වැනිදා පැවැත්වෙන සමස්ත ලංකා මධ්‍යම කාරක සභාවට සහභාගී වන ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද ආරාධනා පත්‍රයක් යොමු කර ඇතැයිද වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.