Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදෙස් රටවලින් ලැබුණු ආධාර ක්‍රමවත්ව බෙදාදීමට පියවර
    Featured

    විදෙස් රටවලින් ලැබුණු ආධාර ක්‍රමවත්ව බෙදාදීමට පියවර

    By LFNDecember 12, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදෙස් රටවලින් ලබාදුන් ආධාර ගබඩාකර ඇති ඔරුගොඩවත්ත පිහිටි ආපදා සහන සේවා ගබඩා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ප්‍රමුඛ කමිටු සාමාජිකයන් අද (12) එක්විය.

    අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් විදෙස් රටවලින් ලබාදුන් ආධාර ඔරුගොඩවත්තේ පිහිටි ආපදා සහන සේවා ගබඩා පරිශ්‍රය හරහා ආපදාවට ලක්වූවන් වෙත ක්‍රමවත්ව ලබාදීම මේ දිනවල සිදුකෙරේ.

    පීඩාවට පත්වූ ජනතාව වෙත ලබාදීම සඳහා විදෙස් රටවලින් ලැබෙන ආධාර තොග ඊයෙත් (11) මෙරටට ලැබී තිබුණි.

    දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ Rebuilding Sri Lanka අරමුදල සඳහා කොළඹ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සිය පෞද්ගලික ධනයෙන් රුපියල් මිලියන 3.6ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබේ.

    අදාළ චෙක්පත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත එම අමාත්‍යාංශයේදී භාරදී තිබුණි.

    ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමට ප්‍රංශ රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් (REMI LAMBERT) මහතා පැවසීය.

    කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සමඟ ඊයේ පැවති හමුවකදී දෙරට අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කරලීම සඳහා ක්ෂේත්‍ර රැසකින් සිය සහාය ලබාදීමට සූදානම් බව ප්‍රංශ තානාපතිවරයා සඳහන් කර තිබුණි.

    පාකිස්තාන රජය මෙරටට ලබාදෙන මෙට්‍රික් ටොන් 13ක් බැරැති ආධාර තොගයක් කටුනායක ගුවන් තොටුපල වෙත ඊයේ රැගෙන එනු ලැබීය.

    මදුරු දැල් 3000ක්, වායු මෙට්ට 2000ක්, ඇද ඇතිරිලි 1000ක් සහ තවත් මෙට්ට 100ක් ද එම ආධාර තොගයට අයත් ය.

    ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ආධාර තොගය භාරගැනීමට පැමිණ තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.