දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීමේ මෙහෙයුම් අඛණ්ඩවම ක්‍රියාත්මකයි.
ඊයේ(19) දිනයේ පමණක් සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලින් 1065 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ දිනය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 1087ක් සිදුකර තිබෙනවා.
එහිදී හෙරොයින් ග්‍රෑම් 404ක් සහ අයිස් ග්‍රෑම් 872ක් සිය භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ දිනයේ දී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 1065 දෙනාගෙන් 28 දෙනෙකු රදවාගෙන ප්‍රශ්න කිරීමට රැදවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
පුනරුත්ථාපනයට යොමුකළ සංඛ්යානව 34ක්.
මේ අතර පොලිස් විශේෂ මෙහෙයුම යටතේ ඊයේ දිනයේ දී පුද්ගලයින් 31,557 දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා.
සැකපිට අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 692ක්.
අපරාධ සම්බන්ධයෙන් 17 දෙදෙනෙකු සෘජුව හදුනාගෙන තිබෙනවා.
වරෙන්තුකරුවන් 311 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 156 දෙනෙකු ඒ අතර වන බවයි පොලීසිය පවසන්නේ.
බීමත් රියදුරන් 31නෙකු ද අපරීක්ෂාකාරීව රිය පැදවූ 27 දෙනෙකු ද ඊයේ දිනයේ අත්අඩංගුවට පත්වුණා.
වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ සංඛ්යාව 6868ක් බවයි පොලීසිය පවසන්නේ.
