Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නාමල්ගේ නීති උපාධිය ගැන සැකයක් – ඇමති නලින්දගෙන් හෙළිදරව්වක්
    Local News

    නාමල්ගේ නීති උපාධිය ගැන සැකයක් – ඇමති නලින්දගෙන් හෙළිදරව්වක්

    By LFNNovember 19, 2025No Comments2 Mins Read10 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ 2009 වසරේ දී නීති විද්‍යාලයට ඇතුලත් වුවද ඔහු ඒ සඳහා සුදුසුකම් සපුරා නොමැති බව සහ නීති විද්‍යාලයයේ ඔහුගේ ලිපි ගොනුවේ ඔහුගේ උපාදි සහතිකය නොමැති බවට අනාවරණය වී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා .

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (19) පර්ලිමේන්තුවෙදී අදහස් දක්වමින් .

    නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයට ඇතුලත් වීමේ ක්‍රියාවලිය සැක සහිත බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ .

    එමෙන්ම 2006 සිට 2009 දක්වා ලන්ඩනයේ city විශ්වවිද්‍යාලයෙන් ඉගෙනුම ලබා උපාධිය සම්පුර්ණ කර ඇති පදනම මත 2009 වසරේ දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුලත් වී තිබෙනවා.

    නාමල් රාජපක්ෂගේ city විශ්වවිද්‍යාලයේ නීති උපාධි සහතිකය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රවේශයට අත්‍යවශ්‍ය වූවත් එය කිසිදා ඔහු නීති විද්‍යාලය වෙත ඉදිරිපත් කර නොමැති බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ .

    2009 දී, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නීති විද්‍යාලයට ඇතුළත් වීමේ සුදුසුකම් සපුරා නොතිබී ඇති අතර කෙසේ වෙතත් ඔහු නීති විද්‍යාලයට ඇතුළත් වී තිබෙනවා .

    නමුත් නීති විද්‍යාල මූලාශ්‍රයක් හෙළි කරන්නේ විදේශීය සුදුසුකම්වල සත්‍යතාව තහවුරු කිරීමට බොහෝ කාලයක් ගත වන බවයි. “සත්‍යතාව තහවුරු කර අනෙකුත් ලබා දී ඇති තොරතුරු නිවැරදි යැයි සැලකූ පසු, අපි ඊළඟ ලියාපදිංචියේදී සිසුන් ලියාපදිංචි කරන අතර ඒක තමයි සාමාන්‍ය ක්‍රියා පටිපාටිය.”
    අයදුම්පතක් ඉදිරිපත් කළ දිනයේම ශිෂ්‍යයෙකු ඇතුළත් කර ගැනීමේ හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා .

    ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් පවසන්නේ නීති අධ්‍යාපන කවුන්සිලයේ විධිවිධාන අනුව හඳුනා නොගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ඇති ශිෂ්‍යයෙකුට විද්‍යාලයට ඇතුළත් වීමට “කිසිම ආකාරයකින්” ඉඩ නොදෙන බවයි.

    ඊට අමතරව, නීති විද්‍යාලයට නාමල් රාජපක්ෂගේ අයදුම්පත අසම්පූර්ණ බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර සිටියා .

    එමෙන්ම මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙසයි අමාත්‍යවරයා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක් කළේ .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202603 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.