බගවන්තලාව මහඑළිය රක්ෂිතයට ඊයේ (18) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂෘවත් සමග කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය පිටාර ගැලීමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව අප වාර්තාකරු පවසනවා.
පහත් බිම් රැසක් ජලයෙන් යට වීම නිසා බගවන්තලාව ප්‍රදේශයේ වතු යායන් ගණනාවකට පිවිසීමට තිබූ මාර්ග රැසක්ද ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව සහ තද සුළං තත්වය හේතුවෙන් නල්ලතන්නිය මරේ වතුයායේ සිට නල්ලතන්නිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මතටඊයේ (18) දින පස්වරු 5:00ට පමණ ගසක් කඩා වැටීමෙන් එමත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී වුණා.
ගස කඩා වැටීමත් සමග ත්‍රීරෝද රථයේ රියදුරා ඉන් පැන දිවි ගලවාගෙන තිබෙනවා.