රුපියල් එකොලොස්කෝටි තිස්හය ලක්ෂ හැත්තෑදහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව රේගු නිලධාරීන් ප්‍රකාශ කළා.
රාජසන්තක කරන ලද ගුවන් ගමන් මලු සහ භාණ්ඩ රඳවා තබන ගුදම් ගබඩාව තුළ තිබි මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබෙනවා.
මාස 9ක කාලයක් ගමන් මලු භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එය විවෘත කර පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් කටයුතු කළා.
එහි තිබි කිලෝ ග්‍රෑම් 11යි ග්‍රෑම් 367ක කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිව තිබෙනවා.
පසුගිය මාර්තු මාසයේ දී තායිලන්තයේ සිට පැමිණි ගුවන් මගියෙකු ඒවා ගුවන් තොටුපළ පැමිණිමේ පර්යන්තයේ දී අතහැර ගොස් ඇති බවටයි විමර්ෂණවලදී හෙළිවුණේ.
