Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය සේවයට අලුතින් ගෙන්වන කැබ් රථ ගැන නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්
    Featured

    රාජ්‍ය සේවයට අලුතින් ගෙන්වන කැබ් රථ ගැන නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

    By LFNNovember 11, 2025No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා ලබාදීමට අපේක්ෂා කරන වාහන කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලුදෙනාට හිමි නොවන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

    අද (11) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මේ වනවිට දැනට රජයෙන් වාහන ලබාදී සිටින පිරිසට මෙම අලුත් වාහනවල අවශ්‍යතාවයක් නොමැති බවය.

    අයවැය කතාව පවත්වමින් පසුගිය දා ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවය සඳහා කැබ් රථ 1775ක් ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රකාශ කළ බවත් එම කැබ් රථ ලබාදීමට අපේක්ෂා කරන්නේ කා හටද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    රජය අපේක්ෂා කරන සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධාවක් වී ඇති බවත්, මෙම තත්ත්වය සලකා බලා, රාජ්‍ය ආයතන වෙත අත්‍යවශ්‍ය වාහන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය අවසානයේ නැවත ආපසු බාරදීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා මූලිකව අවශ්‍ය වන රුපියල් මිලියන 12,500ක් වෙන් කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා අයවැය කතාවේ දී සඳහන් කළේය.

    මේ අතර දැනට පැවති රාජ්‍ය සේවක පුරප්පාඩු 75,000න් පුරප්පාඩු 50,000 – 60,000ත් අතර ප්‍රමාණයක් බඳවා ගෙන අවසන් බව ද සඳහන් කර සිටි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, පාර්ලිමේන්තු පර්මිට් සංස්කෘතියට විරුද්ධව අතීතයේ කතා කළ පිරිස අද වනවිට එය හොඳයි කියන තත්ත්වයට පත්ව ඇතැයි ද පැවසීය.

    “නිකන් ගොඩ ගැහුවේ නෑ. එකින් එක සොයා බලමින් මේ වනවිට 75,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන තියෙනවා. මගේ දැනුම හැටියට දැන් 50,000 – 60,000ක් බඳවා ගෙන තියෙනවා. මේ ඉන්න රාජ්‍ය සේවකයින්ට තෘප්තිමත්ව වැඩ කරන්න හොඳ මුලික වැටුපක් ලබාදුන්නා. ඒ අනුව 2027 ලැබෙන මුලික වැටුප මත පදනම්ව අපි දීමනා සැලසුම් කරලා තියෙනවා. හොඳ වැටුපක් අපි රාජ්‍ය සේවකයාට ලබා දීලා තියෙනවා.

    එහෙම තත්ත්වයක් තුළ අපේ හැකියාව අනුව රාජ්‍ය සේවයට වාහන 1,775ක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. රාජ්‍ය සේවයට වාහන සහ යන්ත්‍රෝපකරණ ලබාගැනීමේ අරමුණින් තමා මේ මුදල වෙන් කරලා තියෙන්නේ. ඊළඟට මන්ත්‍රීවරු 225ටම දෙන්නේ නැත. දැනට රජයෙන් වාහනයක් ලබාදීලා තියෙන අයට වාහනයක් උවමනා නෑ. උදාහරණයක් විදියට කැබිනට්, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට. විපක්ෂ නායකතුමාට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ආදි දැනට රජයෙන් වාහනයක් ලබාදීලා තියෙන අයට වාහනයක් දෙන්නේ නෑ.

    මේ පර්මිට් ලබාදීමෙන් රජයට අහිමි වෙන බදු ආදායම අති විශාලයි. මේ පර්මිට් ගත්ත බහුතරයක් පර්මිට් වික්කා. සමහර පක්ෂවල මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ඉන්නේ අවුරුද්දයි ඒ වුණාට වෙන කෙනෙක් එනවා හැබැයි පර්මිට් එක දෙනවා. එහෙම තමා මේ පර්මිට් සංස්කෘතිය පාර්ලිමේන්තුවේ තිබුණේ. මේ ඇවිල්ලා පර්මිට් එක විකුණගන්න මතයක් හදන කට්ටිය දාන ගුණ්ඩුවක්. අපි වාහනයක් දෙනවා මන්ත්‍රී ධුරය අවසන් වෙද්දි වාහනය භාරදීලා යන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 202505 Views

    අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත්…

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.