Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රමේෂ් පතිරණ යළිත් පොහොට්ටුවට

    January 22, 2026

    යුද්ධ හමුදා බුද්ධි තොරතුරෙන් ඇල්ලූ දුම්වැටි තොගය

    January 22, 2026

    නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5ක් දක්වා පහළට

    January 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අර්බුද මැද එක්සත් ජනපදයේ ගුවන් ගමන් 1,400ක් අවලංගු වෙයි
    International

    අර්බුද මැද එක්සත් ජනපදයේ ගුවන් ගමන් 1,400ක් අවලංගු වෙයි

    By LFNNovember 9, 2025No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකානු සෙනෙට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබා දීමේ පනත් කෙට්ම්පත් සම්මත නොවීම හේතුවෙන් එක්සත් ජනපදය තුළ හටගෙන ඇති අර්බුද තවත් උග්‍ර වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    එහි ප්‍රතිඵලයක් ලෙස ෆෙඩරල් රජය වසා දැමීමත් සමග ගමනාගමනය කපා හරින ලෙස ගුවන් සමාගම්වලට දැනුම් දීමෙන් පසු එක්සත් ජනපදයට යාම් සහ ඒම් ඇතුළත් ගුවන් ගමන් 1,400කට වැඩි ප්‍රමාණයක් අවලංගු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

    ගුවන් ගමන් නිරීක්ෂක FlightAware ආයතනයට අනුව පසුගිය සිකුරාදා දිනයේදී ගුවන් ගමන් 7,000කට වඩා ප්‍රමාදයක් සිදුව තිබුණි.

    අමෙරිකානු පාර්ලිමේන්තුවේ මූල්‍ය පනත් කෙටුම්පතට අවසර නොලැබීම හේතුවෙන්, රජයේ අංශවලට අරමුදල් වෙන් කිරීමට නොහැකි වී ඇති අතර, එදිනෙදා වැඩ කටයුතුද මේ වන විට ඇනහිට තිබේ.

    ගුවන් ගමනාගමන පාලන ආරක්ෂක ගැටලු හේතුවෙන් පසුගිය සිකුරාදා සිට ප්‍රධාන ගුවන්තොටුපොළ 40ක දෛනික ගුවන් ගමන්වලින් 4%ක් කපා හැරීමට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ගුවන් සමාගම්වලට උපදෙස් ලබා දී තිබුණි.

    එමෙන්ම මෙම වසා දැමීම හේතුවෙන් ගුවන් ගමනාගමන පාලකවරුන්ගේ හිඟයක් ඇති වූ අතර සති ගණනාවක් පුරා ඔවුන්ට සිය වැටුප් පවා නොලැබී ඇති බවද වාර්තා විය.

    මේ තත්ත්වය හේතුවෙන් එක්සත් ජනපදයයේ ගුවන් මගීන් දැඩි දුශ්කරතාවකට පත්ව ඇති අතර මේ වන විට එරට කාර්යබහුලම ගුවන් තොටුපළවල් 40ක ගුවන් ගමන් ධාරිතාව 10% දක්වා අඩු කරන බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය මෙම සතිය මුලදී නිවේදනය කර තිබුණි.

    ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය වාර්තා කර ඇත්තේ ප්‍රධාන ගුවන් ගමනාගමන පාලන කාර්ය මණ්ඩල ගැටලු, ගුවන් තොටුපොළ කුලුනු 37කට සහ අනෙකුත් මධ්‍යස්ථානවලට මෙම තත්ත්වය බලපා ඇති බවත් අවම වශයෙන් එක්සත් ජනපද නගර 12ක ගුවන් ගමන් මේ වන විටත් ප්‍රමාද වී ඇති බවත්ය.

    ගුවන් ගමනාගමන පාලන ආරක්ෂක ගැටලු හේතුවෙන් සිකුරාදා සිට ප්‍රධාන ගුවන්තොටුපොළ 40ක දෛනික ගුවන් ගමන්වලින් 4%ක් කපා හැරීමට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ගුවන් සමාගම්වලට උපදෙස් ලබා දී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.

    මේ අතර ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පවසා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ ගුවන් ගමන් පාලකයින් 20% සිට 40%ක් දක්වා සේවය සඳහා නොපැමිණ ඇති බවය.

    එමෙන්ම ෆෙඩරල් ගුවන් සේවා පරිපාලකවරයා සඳහන් කර ඇත්තේ රට පුරා ඉහළ බලපෑමක් ඇති කළ හැකි ගුවන් තොටුපොළවල් 40ක ගුවන් ගමන්වලින් 10%ක් කපා හරින බවත් රජයේ වසා දැමීම දිගු වුවහොත් එය 20% දක්වා ඉහළ යනු ඇති බවත්ය.

    වාර්තාගත දින 39ක රජයේ අක්‍රීයතාවය අතරතුර ගුවන් ගමනාගමන පාලකවරුන් 13,000ක් සහ ආරක්ෂක පරීක්ෂකවරුන් 50,000ක් වැටුප් නොමැතිව වැඩ කිරීමට බල කර ඇති බවත් වාර්තා විය.

    මේ අතර අඩු කාර්ය මණ්ඩල සංඛ්‍යාවක් වැටුප් නොලබා දිගටම රැකියාවට පැමිණීමට බල කෙරුණු තත්ත්වය මත ඉදිරියේදී බොහෝ සේවකයින් ප්‍රමාණයක් ලෙඩ නිවාඩු වාර්තා කර ඇති බවත් මේ වන විට වාර්තා වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්

    January 18, 2026

    ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු

    January 17, 2026

    රටවල් 75ක පුරවැසියන් ගැන අමෙරිකාවෙන් තීරණයක්

    January 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,415 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    රමේෂ් පතිරණ යළිත් පොහොට්ටුවට

    January 22, 20260121 Views

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ පත් කර…

    යුද්ධ හමුදා බුද්ධි තොරතුරෙන් ඇල්ලූ දුම්වැටි තොගය

    January 22, 2026

    නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5ක් දක්වා පහළට

    January 22, 2026

    මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම 2025 වසරේදී

    January 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.