Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි
    Local News

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    By LFNNovember 6, 2025No Comments2 Mins Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (05) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක අනතුරු 5කින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

    ඊයේ අලුයම හිඟුරක්ගොඩ, පන්සල්ගොඩැල්ල තල්පොත මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේදී පන්සල්ගොඩැල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ 28 හැවිරිදි යතුරුපැදිකරු ගල්අමුණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

    මේ අතර, ඊයේ උදෑසන වාරියපොල, අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ කුඹුක්ගහමුල හන්දිය ආසන්නයේදී අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේදී පසුපසින් පැමිණි බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු වාරියපොල රෝහලට ඇතුළත් කිරීමේදී 30 හැවිරිදි පැදිකරු මියගොස් ඇති අතර පසුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා තිබේ.

    මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාරියපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    මේ අතර, ඊයේ උදෑසන කැලණිය, බියගම මාර්ගයේ රග්ගහවත්ත ප්‍රදේශයේදී බියගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව අසල සංඥා කණුව ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ 25 හැවිරිදි යතුරුපැදිකරු බියගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

    මේ අතර, ඊයේ රාත්‍රියේ මැදවච්චිය – හොරව්පතාන මාර්ගයේ මැදවච්චිය ප්‍රදේශයේදී මැදවච්චිය දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය අයිනේ සිටි පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ 34 හැවිරිදි පදිකයා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

    මේ අතර, ඊයේ රාත්‍රියේ හෝමාගම වලව්ව හන්දිය උණපඳුර හන්දිය අතුරු මාර්ගයේ නගරසීමා මාවත අසලදී උණපඳුර හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේදී 17 හැවිරිදි පැදිකරු මියගොස් තිබේ.

    මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරෙයේ තැන්පත් කර ඇති අතර හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202603 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.