Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

    November 6, 2025

    සජිත් ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලය අමතයි

    November 6, 2025

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    November 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි
    Local News

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    By LFNNovember 6, 2025No Comments2 Mins Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (05) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක අනතුරු 5කින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

    ඊයේ අලුයම හිඟුරක්ගොඩ, පන්සල්ගොඩැල්ල තල්පොත මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේදී පන්සල්ගොඩැල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ 28 හැවිරිදි යතුරුපැදිකරු ගල්අමුණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

    මේ අතර, ඊයේ උදෑසන වාරියපොල, අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ කුඹුක්ගහමුල හන්දිය ආසන්නයේදී අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේදී පසුපසින් පැමිණි බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු වාරියපොල රෝහලට ඇතුළත් කිරීමේදී 30 හැවිරිදි පැදිකරු මියගොස් ඇති අතර පසුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා තිබේ.

    මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාරියපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    මේ අතර, ඊයේ උදෑසන කැලණිය, බියගම මාර්ගයේ රග්ගහවත්ත ප්‍රදේශයේදී බියගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව අසල සංඥා කණුව ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ 25 හැවිරිදි යතුරුපැදිකරු බියගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

    මේ අතර, ඊයේ රාත්‍රියේ මැදවච්චිය – හොරව්පතාන මාර්ගයේ මැදවච්චිය ප්‍රදේශයේදී මැදවච්චිය දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය අයිනේ සිටි පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ 34 හැවිරිදි පදිකයා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

    මේ අතර, ඊයේ රාත්‍රියේ හෝමාගම වලව්ව හන්දිය උණපඳුර හන්දිය අතුරු මාර්ගයේ නගරසීමා මාවත අසලදී උණපඳුර හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේදී 17 හැවිරිදි පැදිකරු මියගොස් තිබේ.

    මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරෙයේ තැන්පත් කර ඇති අතර හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජිත් ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලය අමතයි

    November 6, 2025

    හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු 4ක් මහරගමදී අත්අඩංගුවට

    November 6, 2025

    මෙරට පෝෂණ තත්ත්ව ඉහළ නැංවීමට ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත්

    November 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,391 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

    November 6, 20250118 Views

    2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති…

    සජිත් ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලය අමතයි

    November 6, 2025

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    November 6, 2025

    හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු 4ක් මහරගමදී අත්අඩංගුවට

    November 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.