Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අත්තනගලු ඔයේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්

    May 14, 2026

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    May 14, 2026

    වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»හිතාගන්න බැරි තැනකට කොටුවුණු පියුමි! මට කා එක්කවත් තරගයක් නෑ! නිදහසේ හරියට කරන්න තමයි ආස!
    Gossip

    හිතාගන්න බැරි තැනකට කොටුවුණු පියුමි! මට කා එක්කවත් තරගයක් නෑ! නිදහසේ හරියට කරන්න තමයි ආස!

    By LFNOctober 27, 2025No Comments2 Mins Read695 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් මේ දවස්වල හිතාගන්න බැරි කතාවකට කොටුවෙලා ඉන්නවා. ඇයට තියා අපිටවත් හිතාගන්න බෑ ඒ කතාව ගැන නම්. ඉතින් ඇය සම්බන්ධ කරගෙන ඒ ගැන අහන්න ‘හාට්’ අපි හිතුවා. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජු.

    පියුමි මොකක්ද මේ හිතාගන්න බැරි කතාව?
    ඒ ගැන මටවත් හිතාගන්න බෑ.
    ඇයි එහෙම කියන්නේ?
    මෙහෙමයි. ඒ නමින්ම තේරෙනවනේ හිතාගන්න බැරි කතාවක් කියලා. බලන ප්‍රේක්ෂකයන්ටත් තවම ඒ කතාව හිතාගන්න බැරිව ඉද්දී කොහොමද අපි හිතාගන්නේ? බුද්ධික සේමසිංහ කියන විදියට අපි එවෙලෙට රඟපානවා. ඒ සිදුවීම් අවස්ථාවේ හැටියට අපිට ඒ මොහොතේ පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් අපි ප්‍රේක්ෂක පිරිසටම එය තේරුම් ගන්න ඉඩ දෙමු.
    ලලිතා ටීචර්ට වැල නොකැඩී තවමත් හොඳ ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන බව ආරංචියි?
    අම්මෝ ඔව්. වයස් භේදයකින් තොරව අකුරට යන වෙලාවේ ටෙලිනාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විදේශ රටකට ගියොත් ඒ කුඩා දරුවන්ගෙන් ඒ ආදරය වටකරගත්තු ගමන්. ඒ ගැන නම් ගොඩක් සතුටුයි.
    පසුගිය දවස්වල මාතලේ ගියේ විශේෂ වැඩකටද?
    රංජන් රාමනායකගේ නවතම සිනමා නිර්මාණය ‘ගඩාෆි’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න රංජන් අයියා ආරාධනා කළා. ඒ රූගත කිරීම් සඳහා තමයි මම මාතලේ ගියේ. ගොඩක් ආසාවෙන් හිටියේ රංජන් අයියා සමග රඟපාන්න. හරිම සුන්දර විදියට සතුටින් අපි වැඩ කළා.
    පියුමි ඉන්න තැන රස සාගරයක් ඇති කොහොමත්?
    ගෙවන කාලය සතුටින් ගෙවන්න තමයි මම උත්සාහ කරන්නේ. මේ මම ඉන්න විදිය. අපි දෙන්නා මේ කතා කරලා ගෙවන අවස්ථාවට ආපහු යන්න බැහැ කිසිම දවසක. අන්න ඒ වගේ තමා. මට අතීතයවත් අනාගතයවත් වැදගත් නැහැ. ගෙවන තත්පරය හරි සතුටින් ගතකරන්න මට තියෙනවා නම් ඒ හොඳටම ඇති. මොකද අපේ ජීවිත ගැන කොයි මොහොතෙද කියලා කියන්න කාටවත් බැහැ. ඉතින් අපි ඇයි සියල්ලම හිරකරගෙන ජීවත් වෙන්නේ? සැහැල්ලුවෙන් ගෙවන ජීවිතය හරිම සුන්දරයි.
    දවස පටන් ගන්නේ සැලසුමක් ඇතිවද?
    එහෙම විශේෂ සැලසුමක් නැහැ. හැබැයි කලින් දවසේ නිදාගන්නකොට දන්නවා පසුදා කරන්න තියෙන වැඩකටයුතු. ඒ වැඩකටයුතු සමග තමයි දවස පටන්ගන්නේ. මොනවත්ම වැඩක් නැත්නම් ඉතින් මම කරන්නේ ගෙදරට වෙලා ඉඳගෙන ෆිල්ම් ටිකක් බලන එක. එහෙමත් නැත්නම් නිදාගන්න එක තමයි.
    කලා ක්ෂේත්‍රයේ තිබෙන තරගකාරීත්වය එක්ක ඔබේ සූදානම කොහොමද?
    මම කා සමග තරග කරන්නද? මට එහෙම කිසිම තරගකාරීත්වයක් නැහැ. මම තරග කරන්නේ මම සමග. මාව නිර්මාණ සඳහා ගැළපෙනවා නම් මාව ගනී. දුවන්නම් වාලේ දුවනවාට වඩා මම කැමැති සැහැල්ලුවෙන් ලැබෙන දේ හරියට කරන්න.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026

    3 Idiots දෙවන කොටස ගැන අමිර් ඛාන් කතා කරයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,437 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    අත්තනගලු ඔයේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්

    May 14, 202600 Views

    අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක්…

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    May 14, 2026

    වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී

    May 14, 2026

    ශිෂ්‍යත්ව විභාගයට අදාළ නියෝගයක් කඩ කළ NIE හිටපු අධ්‍යක්ෂකට වසර 6ක සිරදඬුවමක්

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.