Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගෙවුණු සති 03ට සංචාරකයින් 120,000කට ආසන්න පිරිසක් මෙරටට

    October 27, 2025

    රට පුරා රෝහල්වල ඖෂධවේදී පුටු දාහක් හිස්

    October 27, 2025

    හිතාගන්න බැරි තැනකට කොටුවුණු පියුමි! මට කා එක්කවත් තරගයක් නෑ! නිදහසේ හරියට කරන්න තමයි ආස!

    October 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට
    Featured

    දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

    By LFNOctober 27, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ රංචිහිදී ඊයේ (26) නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

    තරග ඉසව් රැසකදී ඉන්දියාවට කරට කර සටනක් දුන් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ පෙරමුණ අහිමිව ගියේ රන් පදක්කම් 4ක වෙනසකින්ය.

    ශ්‍රී ලංකාව මෙහිදී රන් 16ක්, රිදී 14ක් හා ලෝකඩ 10ක් සමගින් පදක්කම් 40ක් දිනාගැනීමට සමත් විය.

    රන් පදක්කම් 20ක් දිනූ ඉන්දියාවට පදක්කම් සටහනේ පෙරමුණ හිමි වූ අතර, ඔවුන් රිදී 20ක් හා ලෝකඩ 18ක්ද දිනාගත්හ.

    කෙසේ නමුත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැරෙන්න වෙනත් කිසිදු රටකට රන් පදක්කමක් දිනාගැනීමට නොහැකි විය.

    විශේෂයෙන් නේපාලය රිදී පදක්කම් 02ක් දිනාගැනීම හැරෙන්න වෙනත් කිසිදු රටකට රිදී පදක්කමක් හෝ දිනාගැනීමට අවස්ථාවක් හිමි නොවීය.

    මෙහිදි බංග්ලාදේශය ලෝකඩ පදක්කම් 03ක්ද, මාලදිවයින ලෝකඩ පදක්කමක්ද දිනාගැනීම හැරෙන්න භූතානයට එකඳු පදක්කමක් හෝ දිනාගැනීමට නොහැකි විය.

    මෙම තරගාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට ආසන්න පිරිසක් සහභාගි වූහ.

    සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අමතරව භූතානය, නේපාලය, මාලදිවයින සහ බංග්ලාදේශය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදි තරග වැදුණහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගෙවුණු සති 03ට සංචාරකයින් 120,000කට ආසන්න පිරිසක් මෙරටට

    October 27, 2025

    රට පුරා රෝහල්වල ඖෂධවේදී පුටු දාහක් හිස්

    October 27, 2025

    වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් FCID භාරදෙයි

    October 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,384 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,326 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,558 Views
    Don't Miss

    ගෙවුණු සති 03ට සංචාරකයින් 120,000කට ආසන්න පිරිසක් මෙරටට

    October 27, 20250117 Views

    ඔක්තෝබර් මාසයේ පසුගිය සති 03 තුළ පමණක් සංචාරකයින් 120,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව…

    රට පුරා රෝහල්වල ඖෂධවේදී පුටු දාහක් හිස්

    October 27, 2025

    හිතාගන්න බැරි තැනකට කොටුවුණු පියුමි! මට කා එක්කවත් තරගයක් නෑ! නිදහසේ හරියට කරන්න තමයි ආස!

    October 27, 2025

    වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් FCID භාරදෙයි

    October 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.