Close Menu
Lanka Focus News
    What's Hot

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඉන්දියාවේ දී අගමැතිනියගෙන් ප්‍රබල පොරොන්දුවක්
    Local News

    ඉන්දියාවේ දී අගමැතිනියගෙන් ප්‍රබල පොරොන්දුවක්

    By LFNOctober 17, 2025No Comments2 Mins Read8 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ශ්‍රී ලංකා භූමිය පරිහරණය කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

    ඇය මේ බව සඳහන් කළේ, සිය ඉන්දීය නිල සංචාරයට සමගාමීව ඇය ඉගෙනුම ලැබූ දිල්ලි හින්දු විද්‍යාලය වෙත පැමිණි අවස්ථාවේදීය.

    ඉන්දියාවේ නිල සංචාරයක නිරත අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (16) දිනයේ රාජ්‍යතාන්ත්‍රික හමුවීම් කිහිපයකට ද එක්විය.

    මෙම සංචාරයේ විශේෂ අවස්ථාවක් සටහන් කරමින් අගමැතිනිය ඇය ඉගෙනුම ලැබූ දිල්ලියේ හින්දු විද්‍යාලයේ සංචාරයකට ද එක්විය.

    මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය.

    “හින්දු විද්‍යාලය දැන් අංක එකට ඇවිත්. ඒ ගැන ආඩම්බරයි. අපූරුයි. මම මුලින්ම මෙහෙට එද්දි, PEPSI ඉන්දියාවට ආව විතරයි. ඒ කාලේ ඒක හරි ලොකු දෙයක් වුණා. අපි ඒ කාලේ කතාවුණ හැටි මතකයි. පන්ති කාමර තුළ විතරක් නෙමෙයි. විශේෂයෙන්ම පන්ති කාමරයෙන් පිට තණ තිලිවල වාඩිවෙලා, තේ පානය කරමින් කළ කතා.

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්ප්‍රදාය, අගනාකම් සහ අන්‍යෝන්‍ය ගෞරවය කියන පොදු උරුමයන්ගෙන් බැඳී පවතිනවා. විටක අපි එකිනෙකා සමඟ එකඟ නොවෙන්න පුළුවන්. එකිනෙකා ගැන සියලුදේටම අකමැති වෙන්න පුළුවන්. ඒක තමයි පවුලක විදිහ. නියම සබඳතා හරියට ඒ වගේ. ඔබ හැමදාම එකට වැඩකරන්න එකට ජීවත්වෙන්න ඉගෙන ගන්නවා. දිනය අවසානයේදී එකිනෙකාට ගරු කරනවා.

    ඉන්දියාව හැමදාටම ශ්‍රී ලංකා ගමන් මඟේ නොවෙනස් සහකරුවෙක්ව සිටියා. අපේ ආර්ථික නැගී සිටීමට සහාය වෙමින්, අර්බුද කාලය තුළ අත්‍යවශ්‍ය සහාය ලබාදෙමින්, අපි ස්ථාවරත්වය සහ වර්ධනය ළඟා කරගන්නා විට අපි සමඟ රැඳී සිටියා. ශ්‍රී ලංකාව 2022 වසරේදී වඩාත් බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණපෑ විට ඉන්දියාව අපිට ණය පහසුකම්, ඉන්ධන සහ අත්‍යවශ්‍ය සැපයුම් ලබාදුන්නා. මේවා කිසිදිනක අපිට අමතක නැහැ. ඒවා අපේ ජනතාවගේ හදවතේ ලියැවී තිබෙනවා. මෙය හුදෙක් රාජ්‍යතාන්ත්‍රික සහායක් නොවෙයි. අසීරු අවස්ථාවකදි අපට සහාය වුණ සැබෑ මිතුරෙක්ගෙ සහායක්.

    ශ්‍රී ලංකාව අඛණ්ඩව එකම ස්ථාවරයක ඉන්නවා. අපේ භූමිය කිසිදිනෙක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස භාවිත කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ. අපි වර්තමානයේ දරන්නෙත් ඒ ප්‍රතිපත්තිය. මෙතන ඉන්න සියලුම සිසුන්ට කියන්නේ, ඔබ සතුව දැවැන්ත ශක්‍යතාවක් පවතිනවා. ඔබ හින්දු විද්‍යාලයේ ලබන අධ්‍යාපනය ත්‍යාගයක්. ඒ වගේම වගකීමක්. බුද්ධිමත්ව එය භාවිත කරන්න. එය පාලම් සෑදීම මිස ප්‍රාකාර සෑදීමට භාවිත කරන්න එපා. පෝක් සමුද්‍ර සන්ධිය ඔස්සේ දකුණු දිසාව බලන්න. ශ්‍රී ලංකාව දෙස හුදෙක් අසල්වැසියෙක් විදිහට විතරක් නෙමෙයි, සහකරුවෙක් ලෙසත් බලන්න. අපි අදහස් පිරුණු රටක් වගේම, පරිත්‍යාගශීලී, ධෛර්යසම්පන්න මිනිසුන් සිටින රටක්”

    මේ අතර අගමැතිනිය අද (17) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

    එමෙන්ම NDTV නාලිකාවේ සංවිධායකත්වයෙන් අද පස්වරුවේදී පැවැත්වෙන 2025 NDTV ලෝක සමුළුව ඇමතීමටත් අගමැතිනිය සූදානමින් පසුවෙයි.

    මෙම සමුළුවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, හිටපු බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක්, හිටපු ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබොට් ඇතුළු ආරාධිතයින් රැසක් එක්වීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 202602 Views

    දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු…

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.