Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන අසත්‍ය පැතිර වූ අයට වැඩ වරදී
    Featured

    පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන අසත්‍ය පැතිර වූ අයට වැඩ වරදී

    By LFNOctober 10, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උසස් නිලතල පිළිබඳ කාරක සභාව තුළ දී සාකච්ඡාවට ලක් නොවුණු කතාවක් පිළිබඳව මන්ත්‍රීවරයෙක් විසින් වැරදි ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

    ඊයේ (09) පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

    එමෙන්ම උසස් නිලතල පිළිබඳ කාරක සභාව තුළ සාකච්ඡාවට ලක් වන කරුණු පිළිබඳව මාධ්‍යයට තොරතුරු ලබා දීමට එහි සිටින කිසිවෙකුට හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවද එහිදී ඔහු සඳහන් කළේය.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ලේකම්වරයා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කළ පුද්ගලයින්ටත්, පුවත ලබා දුන් අයටත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් එහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

    තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ එම කමිටුව තුළ, පාස්කු ප්‍රහාරය ඉන්දියාවේ වුවමනාවට ක්‍රියාත්මක වූ එකක් සහ එහි මහ මොළකරු ඉන්දියාවේ යන වග රවී සෙනවිරත්න ලේකම්වරයා විසින් කිසිසේත්ම ප්‍රකාශ කර නොමැති බවය.

    මෙය තම රජය විසින් ගොඩනගා ගත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කඩාකප්පල් කිරීමේ අරමුණින් සිදු කළ වැරදි ප්‍රචාරයක් වන බවද අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා,
    ”ඉන්දියාව ගැන කතාවත් කළේ නෑ. කිසිම රටක් ගැන සඳහන් කළේ නෑ. නමුත් ඉතාමත් වැරදි විදිහට සහ සාහසික විදිහට වැරදි ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා තියෙනවා ඒ කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. ඒක වැරදි පූර්වාදර්ශයක්.. ඒ නිසා ඒකට අදාළව ගන්න පුලුවන් උපරිම නීත්‍යනුකූල ක්‍රියාමාර්ග අනිවාර්‍යෙන්ම ගන්නවා.. මොකද එකක් උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ කතා වෙන දේවල් මාධ්‍යවලට දෙන්න සදාචාරාත්මක අයිතියක් නෑ.. ඒක වැරදී.. හරියට මේක ගැන අවබෝධයක් තියෙනවා නම් ඒක රකින්න ඕනේ.. ඒවා මධ්‍යට දෙන සදාචාරයක් නෑ.. ඒවා නීතිවලට පටහැනියි”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026

    සාමයේ පාගමනේ තෙවන දිනය අදයි

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 202604 Views

    Clean Sri Lanka ජාතික වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන ‘සිහින ගමනාන්තය’ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ…

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.