හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා තංගල්ල කාල්ටන් නිවසට ගොස් තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් සැප්තැම්බර් මස 11 වන දා නික්ම ගියේය.
ඒ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිල නිවස භාවිත කරමින් සිටියත් මෙම පනත අනුව ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී ගියේය.
ඒ අනුව ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම හම්බන්තොට කාල්ටන් නිවස වෙත පැමිණි අතර, එදින සිට මේ දක්වා බොහෝ දේශපාලනඥයින් සහ හිටපු ජනාධිපතිවරයාට ආදරය දක්වන ජනතාව ඔහුගේ සුවදුක් බැලීමට කාල්ටන් වෙත පැමිණෙමින් සිටී.