Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා

    January 22, 2026

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡාවක්

    January 22, 2026

    රමේෂ් පතිරණ යළිත් පොහොට්ටුවට

    January 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ගාසා යුද්ධය අවසන් කිරීමේ උත්සාහයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වේගයෙන් ඉදිරියට යා යුතුයි – ට්‍රම්ප්
    International

    ගාසා යුද්ධය අවසන් කිරීමේ උත්සාහයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වේගයෙන් ඉදිරියට යා යුතුයි – ට්‍රම්ප්

    By LFNOctober 6, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර වක්‍ර සාම සාකච්ඡා සඳහා වූ මැදිහත්කරුවන් හමුවීමට නියමිත බැවින් ගාසා යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන්ට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වේගයෙන් ඉදිරියට යා යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

    සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

    ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ ගාසා පාලනය පලස්තීන තාක්ෂණික කණ්ඩායම් වෙත භාර දීම ඇතුළු කරුණු 20කින් යුත් එක්සත් ජනපද සාම සැලැස්මේ ඇතැම් කොටස් සඳහා හමාස් සංවිධානය එකඟ වීමෙන් අනතුරුව මෙම සාකච්ඡා ආරම්භ වීමට නියමිතව ඇත.

    සාකච්ඡා ඉතා සාර්ථක බවත් පළමු අදියර මෙම සතියේම අවසන් කළ යුතු බවත් ඒ අනුව සියලු දෙනා ඉක්මනින් ඉදිරියට යන ලෙස තමන් ඉල්ලා සිටින බවත් සඳහන් කර ඇති අමෙරිකානු ජනාධිපතිවරයා කණ්ඩායම් අද දිනයේදී ඊජිප්තුවේදී නැවත රැස්වී අවසාන තොරතුරු පැහැදිලි කර ගැනීමටද නියමිත බවය.

    තවද වසර ගණනාවක් පැරණි මෙම ගැටුම තමන් දිගින් දිගටම නිරීක්ෂණය කළ බවත් කාලය ඉතා වැදගත් වන බැවින් නැතහොත් දැවැන්ත ලේ වැගිරීම් සිදුවනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන් ව තිබේ.

    මේ අතර හමාස් කණ්ඩායම් ප්‍රධානී කලීන් අල් – හයියාගේ නායකත්වයෙන් යුත් හමාස් සංවිධානයේ පිරිසක් ගැටුම් නැවැත්වීම සඳහා වූ සාකච්ඡා සඳහා ඊයේ (06) දිනයේදී ඊජිප්තුවට පැමිණ ඇති බවය.

    පසුගිය මාසයේ කටාර් අගනුවර වන දෝහා හී ඊශ්‍රායල ප්‍රහාරයකින් දිවි ගලවාගැනීමෙන් පසු ඔහු ඊජිප්තුවට කළ පළමු සංචාරයද මෙය බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.

    මේ අතර එක්සත් ජනපද සාම සැලැස්මේ සඳහන් ව ඇති ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම යටතේ පළමු අදියරේදී පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම වෙනුවට ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සිදුවනු ඇති බවත් විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්

    January 18, 2026

    ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු

    January 17, 2026

    රටවල් 75ක පුරවැසියන් ගැන අමෙරිකාවෙන් තීරණයක්

    January 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,415 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා

    January 22, 20260124 Views

    ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට…

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡාවක්

    January 22, 2026

    රමේෂ් පතිරණ යළිත් පොහොට්ටුවට

    January 22, 2026

    යුද්ධ හමුදා බුද්ධි තොරතුරෙන් ඇල්ලූ දුම්වැටි තොගය

    January 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.