Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 24, 2026

    සාගරිකා වාද්දූවේදී පීලි පනී

    April 24, 2026

    ඉතිහාසය වෙනස්කළ තමිල්නාඩුවේ මහ මැතිවරණය

    April 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සහකාර පොලිස් අධිකාරි උසස් කිරීම්වලට එරෙහිව පෙත්සම්
    Local News

    සහකාර පොලිස් අධිකාරි උසස් කිරීම්වලට එරෙහිව පෙත්සම්

    By LFNSeptember 27, 2025No Comments2 Mins Read104 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවාගැනීම සඳහා ඉකුත් දා පැවැති විභාගයට පෙනී සිටි අය අතුරින් 45 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු 170 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ගොනු කර තිබේ.

    එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, උසස්වීම් ලද සහකාර පොලිස් අධිකාරීවරු සහ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් නම් කර ඇත.

    නීතිඥ මංජුල බාලසූරිය මහතා ගොනුකර ඇති පෙතසම් තුළින් ඔවුන් සඳහන් කර සිටින්නේ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු සහකාර පොලිස් අධිකාරී ධුරය උසස් කිරීම සඳහා පැවති සීමිත තරග විභාගයේ ප්‍රතිඵල මත ඉකුත් 25 වනදා 45 දෙනෙකු සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කළ බවය.

    මෙම විභාගයේදී ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත්, ඊට අමතරව අදාළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාද වී නිකුත් කළ බවත්, එය හිතාමතා කළ ක්‍රියාවක් බවත් පෙත්සමේ සඳහන්ව ඇත.

    මීට පෙර අවස්ථාවලදී සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨත්වය මත බව ඔවුන් සඳහන් කරයි.

    එහෙත් මෙම විභාගයේදී කිසිදු වෘත්තිය සුදුසුකමක් ගැන නොසලකා ශාස්ත්‍රීය සුදුසුකම් මත පමණක් උසස්වීම් ලබා දී ඇති බවත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් පවසයි.

    මෙම විභාගයේදී විවිධ අකටයුතුකම් සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පෙත්සමේ සදහන් වේ.

    ඒ හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, අදාළ විභාගයේ ප්‍රතිඵල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 24, 2026

    සාගරිකා වාද්දූවේදී පීලි පනී

    April 24, 2026

    උසස් පෙළ අයදුම්පත් යොමු කිරීම අද මැදියම් රැයෙන් අවසන්

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 24, 202603 Views

    වීරකැටිය, කසාගල අධිවේගී පිවිසුම ආසන්නයේදී කැබ් රථයක් පරික්ෂා කිරීමේදී එහි පිටුපස කොටසේ සූක්ෂම ලෙස සඟවා…

    සාගරිකා වාද්දූවේදී පීලි පනී

    April 24, 2026

    ඉතිහාසය වෙනස්කළ තමිල්නාඩුවේ මහ මැතිවරණය

    April 24, 2026

    ඊශ්‍රායල – ලෙබනන සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කෙරේ

    April 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.