Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී ඇතිවන බාධා සෞඛ්‍ය ඇමති කියයි

    October 6, 2025

    දෙහිවල සත්වෝද්‍යානයේ පරෙවියන් 32ක් සොරකම් කරලා

    October 6, 2025

    තැපෑලේ වංචා ගැන කියූ තැපැල්පතිගේ ප්‍රකාශයට තැපැල් වෘත්තිය සංගම්වලින් විරෝධය

    October 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති අනුර හා ප්‍රංශ ජනපති අතර හමුවක්
    Featured

    ජනපති අනුර හා ප්‍රංශ ජනපති අතර හමුවක්

    By LFNSeptember 27, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    BBNJ සාමාජිකත්වයට 60වන රටත් එක්වීම සැමරීම සඳහා නිව්යෝර්ක් හිදී පවත්වනු ලැබූ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගි වි තිබේ.

    අමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්වූ අවස්ථාවේදී මේ සඳහා සහභාගි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

    ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ වන ගිවිසුම මෙලෙස ‘BBNJ’ ලෙසින් හඳුන්වනු ලැබේ.

    ඒ සඳහා රටවල් 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ප්‍රංශ රජය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

    ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ඇතුළු සෙසු රටවල රාජ්‍ය නායකයන් රැසක් ඒ සඳහා එක්ව ඇත.

    මෙම ගිවිසුමට එක් වූ 58වන සාමාජික රට ශ්‍රී ලංකාව වන අතර, 2025 සැප්තැම්බර් 16වනදා ඊට අදාළ ගිවිසුමට එළැඹ තිබේ.

    ලෝකයේ සාගරවලින් 2/3ක් ආවරණය කරන මෙම ගිවිසුමෙන්, සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට, තිරසාර ලෙස භාවිත කිරීමට සහ ස්වදේශීය අධිකරණ බලයෙන් ඔබ්බට වූ ප්‍රදේශවලට එම ජෛව විවිධත්ව ප්‍රතිලාභ බෙදා ගැනීමට කටයුතු කෙරේ.

    මෙම ගිවිසුම 2026 ජනවාරි 17 වන දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී ඇතිවන බාධා සෞඛ්‍ය ඇමති කියයි

    October 6, 2025

    දෙහිවල සත්වෝද්‍යානයේ පරෙවියන් 32ක් සොරකම් කරලා

    October 6, 2025

    තැපෑලේ වංචා ගැන කියූ තැපැල්පතිගේ ප්‍රකාශයට තැපැල් වෘත්තිය සංගම්වලින් විරෝධය

    October 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,373 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,317 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,553 Views
    Don't Miss

    ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී ඇතිවන බාධා සෞඛ්‍ය ඇමති කියයි

    October 6, 20250117 Views

    ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී එයට බාධා වී ඇත්තේ පවතින සමහර නීතිරීති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය…

    දෙහිවල සත්වෝද්‍යානයේ පරෙවියන් 32ක් සොරකම් කරලා

    October 6, 2025

    තැපෑලේ වංචා ගැන කියූ තැපැල්පතිගේ ප්‍රකාශයට තැපැල් වෘත්තිය සංගම්වලින් විරෝධය

    October 6, 2025

    පිහිනුම් තටාකයේ ගිලී සිසුවෙකු ජීවිතක්ෂයට

    October 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.