Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා

    January 22, 2026

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡාවක්

    January 22, 2026

    රමේෂ් පතිරණ යළිත් පොහොට්ටුවට

    January 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චීන-අමෙරිකා වෙළෙඳ සාකච්ඡාවල දී එකඟතා රැසක්
    International

    චීන-අමෙරිකා වෙළෙඳ සාකච්ඡාවල දී එකඟතා රැසක්

    By LFNSeptember 16, 2025Updated:September 16, 2025No Comments2 Mins Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීන-අමෙරිකා ආර්ථික හා වෙළෙඳ කටයුතු පිළිබඳ ස්පාඤ්ඤ සාකච්ඡාවල දී එකඟතා රැසකට එළැඹ තිබේ.

    චීන-අමෙරිකා ආර්ථික හා වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර දී ඇරඹි නවතම සාකච්ඡා වටයේ හමුවට චීන පාර්ශ්වයේ ප්‍රධානී, උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා, අමෙරිකා පාර්ශ්වයේ ප්‍රධානී භාණ්ඩාගාර ලේකම් Scott Bessent මහතා සහ වෙළෙඳ නියෝජිත Jamieson Greer මහතා එක් වූහ.

    පසුගිය 14 වනදා සිට ඊයේ (15) වනදා දක්වා පැවති එම සාකච්ඡාවේදී දෙරටේ නායකයන්ගේ එකඟතාව මත දෙපාර්ශ්වයේ අවධානයට ලක්වූ ආර්ථික හා වෙළඳ ගැටලු පිළිබඳ අවංක, ගැඹුරු මෙන්ම අර්ථවත් පිළිසඳරක් පැවැත්විණි.

    ඒ අනුව TikTok සම්බන්ධ ප්‍රශ්න මනා ලෙස විසඳීම, ආයෝජන බාධා අඩු කිරීම, ආර්ථික හා වෙළෙඳ සහයෝගිතා ප්‍රවර්ධනය යනාදිය පිළිබඳව දෙපාර්ශ්වය එහිදී එකඟතාවකට පැමිණ ඇත.

    TikTok සම්බන්ධ ගැටලුව පිළිබඳව චීන වාණිජ අමාත්‍යංශයේ ජාත්‍යන්තර වෙළෙඳ සාකච්ඡාවේ නියෝජිත උප ඇමති Li Chenggang මහතා ඊයේ රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ විද්‍යා හා තාක්ෂණික ගැටලු, ආර්ථික සහ වෙළෙඳ ගැටලු හා සම්බන්ධ දේශපාලනීකරණයට හා අවිකරණයට ද චීනය විරුද්ධ වන බවයි.

    එමෙන්ම මෙම ගැටලු නිරාකරණයට අදාළ ගිවිසුම්ගත වීමක් වෙනුවෙන් මූලධර්ම‍ සහ සමාගම්වල ප්‍රතිලාභ මෙන්ම ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය අත්හැරීමට චීනය කිසි විටෙක සූදානම් නොමැති බව ද හෙතෙම කියා සිටියේය.

    චීන ජාතික අන්තර්ජාල තොරතුරු කාර්යා‍ලයේ උප අධ්‍යක්ෂ Wang Jingtao මහතා ද එම මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසුවේ සාමගම්වල කැමැත්ත හා වෙළෙඳපොළෙහි මූලධර්මයන්ට ගරු කිරීම මත TikTok හි අමෙරිකා පරිශීලක දත්ත සහ අන්තර්ගත ආරක්ෂණ ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය භාර දීම සහ ඇල්ගොරිදම වැනි බුද්ධිමය දේපළ අයිතිවාසිකම් භාවිතයට අවසර දීම ඇතුළු ක්‍රම මඟින් TikTok ගැටලුව විසඳීම සඳහා චීනයත් අමෙරිකාවත් මූලික එකඟතාවයකට පැමිණ ඇති බවය.

    මේ අතර, දෙරටේ නායකයන්ගේ එකඟතාව හා පෙර පැවති සාකච්ඡාවන් හි ප්‍රතිඵල අඛණ්ඩව ක්‍රියාවට නංවමින් ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණය ඔස්සේ මතභේද විසඳා සහයෝගිතා ශක්තිමත් කිරීමට ද දෙපාර්ශ්වය මෙහිදී එකඟත්වය පළ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්

    January 18, 2026

    ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු

    January 17, 2026

    රටවල් 75ක පුරවැසියන් ගැන අමෙරිකාවෙන් තීරණයක්

    January 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,415 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා

    January 22, 20260124 Views

    ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට…

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡාවක්

    January 22, 2026

    රමේෂ් පතිරණ යළිත් පොහොට්ටුවට

    January 22, 2026

    යුද්ධ හමුදා බුද්ධි තොරතුරෙන් ඇල්ලූ දුම්වැටි තොගය

    January 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.