Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉදිරි පැය 24 දී අඩුපීඩන කලාපයේ ක්‍රියාකාරීත්වය

    February 23, 2026

    හිඟුරක්ගොඩ බිහිසුණු අනතුරක්

    February 23, 2026

    ජනවාරියේ උද්ධමනය පහළට

    February 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ස්ථාන දෙකකදී පුරා වස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පිරිසක් අත්අඩංගුවට
    Local News

    ස්ථාන දෙකකදී පුරා වස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පිරිසක් අත්අඩංගුවට

    By LFNSeptember 15, 2025No Comments2 Mins Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ ස්ථාන දෙකකදී පුරා වස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු සිදුකළ පුද්ගලයින් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල සහ බණ්ඩාරදූව යන ප්‍රදේශවල කැණීම් කටයුතු සිදු කළ පුද්ගලයින් පිරිසකි.

    ඒ අනුව ඊයේ (14) සවස් කාලයේදී ගලේවෙල පොලිස් වසමේ මාදිපොල ප්‍රදේශයේදී ගලේවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරුක් මත සිදුකළ වැටලීමකදි පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි සැකකරුවන් 07 ගලේවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ සමගම ඔවුන් විසින් කැණීම් කටයුතු සඳහා යොදා ගන්නා ලද උපකරණ සහ පූජා භාණ්ඩ කිහිපයක්ද පොලිස් භාරයට ගැනීමටද කටයුතු කර ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28-58ත් අතර වයස්වල පසුවන මාදිලිපොල, වැලිකන්ද, මිල්ලවාන, දම්මින්න හා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය පැවසීය.

    මේ අතර ඊයේ සවස් කාලයේදී බණ්ඩාරදූව පොලිස් වසමේ නවගිරියාව ප්‍රදේශයේදී බණ්ඩාරදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

    එහිදී පුරා වස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවෙකු කැණීම් උපකරණ හා පූජා භාණ්ඩද සමගින් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු අවුරුදු 63ක් වූ නවගිරියාව, ගොනාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මේ අතර ඊයේ උදෑසන කාලයේදී මොරගොඩ පොලිස් වසමේ හල්මිල්ලෑව ප්‍රදේශයේදී මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

    එහිදී ඇත්දළ දෙකක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු අවුරුදු 46ක් වන නාමල්පුර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉදිරි පැය 24 දී අඩුපීඩන කලාපයේ ක්‍රියාකාරීත්වය

    February 23, 2026

    හිඟුරක්ගොඩ බිහිසුණු අනතුරක්

    February 23, 2026

    ජනවාරියේ උද්ධමනය පහළට

    February 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉදිරි පැය 24 දී අඩුපීඩන කලාපයේ ක්‍රියාකාරීත්වය

    February 23, 20260123 Views

    ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ඊසාන දෙසට ගමන් කරමින්,…

    හිඟුරක්ගොඩ බිහිසුණු අනතුරක්

    February 23, 2026

    ජනවාරියේ උද්ධමනය පහළට

    February 23, 2026

    අමරකීර්ති අතුකෝරළගේ ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයට එයි

    February 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.