Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අල්ලස් කොමිසමේ මූල්‍ය කලමනාකරණය ගැන හර්ෂගෙන් අනාවරණයක්
    Featured

    අල්ලස් කොමිසමේ මූල්‍ය කලමනාකරණය ගැන හර්ෂගෙන් අනාවරණයක්

    By LFNSeptember 12, 2025No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ස්වාධීන ආයතනයක් වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කලමනාකරණය ස්වාධීනද, නැද්ද..? යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයවැය ඇස්තමේන්තුව පිළිබඳ සාකච්ජා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.

    එහිදී අදහස් දැක් වූ හර්ෂ ද සිල්වා මහතා,

    “මම දන්න විදියට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ මූලික ප්‍රශ්නය තමයි ස්වාධීන කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක. යමෙක්ට මූල්‍ය කලමනාකරණය පිළිබඳ ස්වාධීන බවක් නැත්නම් එතන කොතනද ස්වාධීන බව තියෙන්නේ. මේ ගොල්ලන්ට බලය තියෙනවා කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ කියලා. අවශ්‍ය කාර්ය මණ්ඩලය කවුද, ඒක පත්කරන්න”

    එහිදී අදහස් දැක්වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසා ඇත්තේ, කොමිෂන් සභාව සඳහා ආවේණික කාර්ය මණ්ඩලයක් සකස් කිරීමට තිබුණද, වසර 2කට ආසන්න කාලයක් ගතවුවද තවමත් එය සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවය.

    මෙහිදී අදහස් දැක් වූ මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනරත් මහතා පවසා සිටියේ, හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළ කරුණු අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කලමනාකරණය ස්වාධීනද නැද්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.