Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගතවූ වසර තුළ පොලීසියේ 350කගේ වැඩතහනම් කළා -ඇමති විජේපාල
    Featured

    ගතවූ වසර තුළ පොලීසියේ 350කගේ වැඩතහනම් කළා -ඇමති විජේපාල

    By LFNSeptember 10, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගත වූ වසර තුළ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසකගේ වැඩතහනමට ලක් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

    ඔහු පවසන්නේ, පොලීසිය දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරට සමගාමීව නීතිවිරෝධී කටයුතුවල නිරත වූ නිලධාරීන් පිරිසක් මෙලෙස වැඩතහනමට ලක්ව ඇති බවය.

    කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවති ආධුනික පොලිස් නිලධාරීන් පිරිසකගේ විසිරියාමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    “පොලිස් සේවාව ගැන අතීතයේ තිබුණේ එතරම් හොඳ චිත්‍රයක් නෙමෙයි. බහුතරයක් පොලිස් නිලධාරීන් පොලිස් සේවාවේ උන්නතියට, අභිවෘද්ධියට කටයුතු කරන අතරම සුළු පිරිසක් විසින් කරන විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් තමා පොලීසියේ විනය අපකිර්තියට පත්වෙලා තියෙන්නේ. ඒ එක පැත්තකින්. අනෙක් පැත්තෙන් ඔබ දන්නවා දේශපාලනීකරණය වූ පොලිස් සේවාවක් තමා අපිට ලැබිලා තිබුණේ. අපි ජාතික ජන බලවේගය හැටියට බලයට පත්වෙද්දි මේ පොලිස් සේවාව අතිශ්‍යයින්ම දේශපාලනීකරණයට ලක්වෙලා තිබුණේ. අපේ පළමු අරමුණ වුණේ, ඒ දේශපාලනීකරණය වූ පොලිස් සේවාව ස්වාධීන කිරීම. නැත්නම් නිර්දේශපාලනීකරණය කිරීම. මේ ගතවෙලා තියෙන මාස 10 ඇතුළත අපි ඒ සඳහා පියවර රාශියක් ගත්තා. ඒ පියවරවල ප්‍රතිඵලයක් හැටියට දැනට අපිට හැකියාව ලැබී තිබෙනවා මේ පොලිස් සේවය දේශපාලනීකරණයෙන් මුදවා ගන්න. මේ වෙද්දි පොලිස් සේවයේ අතලොස්සක් පිරිස අතර 350කට ආසන්න ප්‍රමාණයක් පොලිස් සේවයෙන් වැඩතහනම් කරලා තියෙනවා අනීතික කටයුතුවලට යොමුවීම හේතුවෙන්.”

    එහිදී අදහස් දක්වමින් පොලිසිපති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ පොලිස් සේවය තුළ යුක්තිගරුක පොලිස් නිලධාරීන් පිරිසක් බිහිකිරීම තම මූලික අරමුණ බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.